ඔබ උපන් ලග්නයට අනුව 2010 නව වසරේ පලාපල
ඔබ උපන් නැකතට අනුව 2010 නව වසරේ පලාපල
මේෂ
මේෂ ලග්න හිමියන්ට මෙම වසර මිශ්‍රඵල උදාකරයි. ලග්නාධිපති කුජ ග්‍රහයා 4 වැන්න වු කටක රාශියේ වක්‍රව ගමන් කිරිමේදි මෙම වසර ඔබට යහපත් ඵල ලබා නොදෙයි. දේපළ පිලිබද නොයෙකුත් ප්‍රශ්න, කරදර, පැටලිලි, අවාසි, නඩු හබ ඇති කරවයි. නිවසක් තැනීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කල යුතු බව පෙනෙයි. නිතර නිතර සිතට වද දෙන ප්‍රශ්න පැන නගින වසරකි. සිත අවුල් කරයි. භූමිය සම්බන්ධ රැකියා, ව්‍යාපාර වල නියැලෙන මේෂ ලග්න හිමියන්ට ආර්ථීක අපහසුතා, අලාභ පාඩු සිදුවිය හැකිය. 2010 වසර මේෂ ලග්න හිමි ඔබට ගමන් බිමන් අධික වසරක් වෙයි. දුර බැහැර ගමන්, විදේශ ගමන්, වන්දනා ගමන් යෙදෙයි. විදේශ බලාපොරොත්තු ඉටුවෙයි. උසස් අධ්‍යාපන වරම් හිමිවෙයි. ඔබේ දියුණුව අඩාල කිරිමට සිතා සිටින මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. සෞඛ්‍යය තත්වය පිළබද විශෙෂ අවධානයක් යොමු කල යුතුය. ඔබට නිතර නිතර අසනීප ගති ඇතිකරයි. සෙම් රෝග, හිසේ කැක්කුම්, හෘද රෝග ආදියෙන් ප්‍රවේසම් වන්න. නිතර අලස ගති ඇතිකරයි. අද කල යුතු දෙය හෙටට කල් තැබීමෙන් ඔබට පාඩු අලාභ සිදු වෙයි. මෙම වසර ඔබට මංගල යෝගයක් උදා වී ඇත. මෙතෙක් කල් ප්‍රමාද වු විවාහය පිළිබද සුභ සිහිනයක් දැකීමට හැකිය. ප්‍රේම සම්බන්ධතා ඇති කරන වක වානුවකි. වරින් වර ආර්ථීක අපහසුතා ඇති කරන කරයි. රැකියා ලැබීම ප්‍රමාද වෙයි. දැනට කරන රැකියාව ගැන කලකිරීමක් ඇති කරයි.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන්ට 2010 වසර එතරම් සුභඵල ගෙන නොදෙන බව ග්‍රහ චාරය අනුව පෙන්වයි. ලග්නාධිපති ශුක්‍ර වර්ෂ උදාවේදී 8 වැන්න වු බාධක ස්ථානයෙන් රාහු - රවි - බුධ සමඟ සංයෝග වී ඇත. ඔබට මෙම වසර ලෙඩ දුක් බහුල වසරක් බව පෙන්නුම් කරයි. කරන කියන සියළු දෙයට බාධක යෙදෙයි. ගමන් බිමන් වලදි අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. උදරය සම්බන්ධ අසනීප වලට නිතර නිතර ලක්විය හැකිය. අත් පා වේදනා හිරිවැටීම් සිදුවිය හැකිය. අසනීප ගති සදහා කොතරම් ප්‍රතිකාර කරත් සුව නොවන බව පෙනෙයි. අසනීප සදහා ග්‍රහ අපල වලට බෝධි පුජා පැවැත්විම යහපත්ය. ගෙදර දොර ප්‍රශ්න ද මතුවෙයි. දේපළ පිළිබද අවුල් වියවුල් සිදුවිය හැකිය. ගෘහ ජීවිතයද නොයෙකුත් ප්‍රශ්න පැටලිලි ගෙන දෙන වසරකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි අලස ස්වභාවයක් පෙන්වයි. ඉගෙනීම් කටයුතු වලට වඩා බාධා ගෙන දෙයි. ප්‍රේම සබදතා බිද වැටෙයි. රැවටිලි වංචා වලට හසුවිය හැකි බැවින් ප්‍රවේසම් වි යුතු. වෘෂභ ලග්න හිමියන්ගේ දරුවන් අකීකරු වන ස්වභාවයක් පෙන්වයි. විභාග තරඟ විභාග වලින් සාර්ථක ප්‍රථීඵල නෙලා ගැනිමට නොහැකි වන වසරකි. නින්දා අපහාස වලට ලක්වෙයි. ඔබට අමතකවිම් ඇති කරයි. නිසි කල්පනාව මද වශයෙන් හෝ අඩුවන බව පෙනෙයි. විසකුරු සතුන්ගෙන් කදර ගෙන දිය හැකිය. කෙසේ වෙතත් ඔබේ රැකියාවේ දියුණුවක්, රැකියාව සම්බන්ධ අලූත් යමක් ඉගෙනීමට සිත්වෙයි. රැකියා බලාපොරොත්තු වු අයට නව රැකියා ලැබේ. ව්‍යාපාරිකයන්ටද සුභයි.
මිථුන
මිථුන ලග්න හිමියන්ට 2010 සුභඵල ලබාදෙන වසරක් බව ග්‍රහ චාරය අනුව පෙන්නුම් කරයි. වසර ආරම්භයේදී ලග්නාධිපති බුධ ග්‍රහයා 7 වැන්නේ ගමන් කිරීම සුභයි. හවුලේ කරන කටයුතු වලින් ලාභ ප්‍රයොජන ලබාගත හකිය. ඔබේ දියුණුවට ආගන්තුකයෙකුගේ අමුත්තෙකුගේ සහය ලැඛෙන බව පෙනෙයි. එය ඔබේ සහකාරියගෙන් හෝ සහකරුගෙන් විය හැක. 2010 වසර ඔබේ මංගල සිහිනය සැබෑ කර ගැනීමටය හැකි වසකි. මංගල යෝජනා පැමිණෙයි. ප්‍රේම සබදතා ඇති කරන වසරකි. දරු සම්පත් පිළබද බලාපොරොත්තුවෙන් සිටි මිථුන ලග්න හිමියන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි. දරුවන් පිළිබද සතුටු විය හැකිය. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. උසස් අධ්‍යාපන වරම් හිමි වෙයි. විදේහගත වීමේ බලාපොරොත්තුවෙන් සිටි මිථුන ලග්න හිමියන්ට බලාපොරොත්තු ඉටු වෙයි. පින් දහම් කටයුතු වලට සිත යොමු වෙයි. වන්දනා ගමන් බහුලව යෙදෙයි. පවුලේ සමZිය සාමදානයට වෙනදාට වඩා ඇතිවෙයි. සතුරු කරදර ඇති නොවෙයි. ලෙඩ දුක් වලින් ප්‍රවේසම් විය යුතුය. ශරීර සෞඛ්‍යය දුර්වල වෙයි. ඔබ වෙතින් වෙනදා දිස් නොවු පෙනුම අඩු වී ගිය ස්වභායක් ඇති කරයි. ශරීරය කෙට්ටු වන බවක් පෙනෙයි. මානසික පීඩා ඇති කරයි. ලෙඩ දුක් නිසා අධික වියදම් ඇති වන කාලයකි. තවද රැවටිලි වංචාවන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. සෙනසුරු ග්‍රහයා මිථුන ලග්න හිමියන්ගේ 4 වැන්නේ ගමන් කිරීම අනුව ඔබට දේපළ පිලිබද ප්‍රශ්න මතුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. රැකියාවට වරින් වර බාධා පැමිණෙයි ව්‍යාපාර කටයුතු වල නියුතු මිථුන ලග්න හිමියන්ට කපටි වංචාකාර සේවකයෙකුගෙන් ඔබට කරදර විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. සුළු සුළු බාධක කරදර පැමිනියත් ඔබේ බලාපොරොත්තු ඉටුවන බව පැවසිය හැකිය.
කටක
කටක ලග්න හිමියන්ට 2010 වසර එතරම් සුභ ඵල ගෙන නොදෙන බව වසර ආරම්භයේ පවතින ග්‍රහ චාරය අනුව පෙන්නුම් කරයි. වසර ආරම්භ වන දිනයේ ලගනාධිපති සදු ග්‍රහයා 12 වැන්නේ කේතු සමඟ සංයෝගව සිටි. කුජ ග්‍රහයා නිචව ලග්න ගත වී ඇත. ඔබේ බලාපොරොත්තු බිද වැටෙන වසරකි. ලෙඩ දුක් වලින් ප්‍රවේසම් විය යුතුය. සතුරු කරදරද පැන නැගීමට ඉඩ ඇත. නඩු හබ වලට පැටලීමට උසාවි පොලීසි යාමට සිදුවිය හැකිය. බෝවන රෝග, අජීර්ණ, බඩේ අමාරු, ඇස් රෝග, හිසේ රෝග වලට ගොදුරු විය හැකිය. විසකුරු සතුන්ගෙන් කරදර ගෙන දෙයි. ප්‍රේත දෝෂ, භූත දෝෂ ද ඇති විය හැකිය. ආර්ථීක තත්වය එතරම් සුභදායක නොවේ. ඥාති හිතමිතුරන් අසල්වැසියන්ගෙන් ද ඔබට විරුද්ධ කම් ඇතිවිය හැකිය. වෙහෙසකර ගමන් බිමන් ගෙන දෙයි. දේපල පිලිබද ප්‍රශ්න පැන නගී. ඔබ පදිංචි නිවසේ වුවත් වෙනදා තිබූ කලඑළිය අඩු වෙයි. ගැබිණි මාතාවන් ප්‍රවේසම් විය යුතු බව පෙනෙයි. දරුඵල ලාපොරොත්තු වන කාන්තාවන් කරදර බාධක වලට මුහුණ පෑමට සිදුවිය හැකි අවධානමක් පෙන්නුම් කරයි. ගබ්සාවීම් වලට ලක්විය හැකිය. කටක ලග්න හිමියන්ගේ දරුවන්ද අකීකරු වන කාලයකි. අධ්‍යාපන කටයුතු වල නිරත කටක ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු එතරම් සාර්ථක නොවන වසරකි. උත්සහය උනන්දුව මත ඔබට ප්‍රථීඵල ලබාගත හැක. අමතක වීම් ඇති කරයි. හිසට බර ගතියක් දැනෙයි නැතිනම් හිසේ තුවාලයක් හෝ සිදුවිය හැකිය. ඔබ කෙරෙන් වෙනදා නොතිබු හිතුවක්කාර බවක් පෙන්නුම් කරයි. රැකියා බලාපොරොත්තු වුවන්ගේ බලාපොරොත්තු ඉටු විම ප්‍රමාද කරයි. රැකියාවේ හෝ ව්‍යාපාරයේ කරදර බාධක, එපාවීම් ඇති කරයි. ඔබට මෙම වසර අපල විපත් බහුල වසරක් බැවින් පින් දහම් කටයුතු වලට වැඩි වැඩියෙන් නිරත වීම ගුනදායකය.
සිංහ
සිංහ ලග්න හිමියන් 2010 වසර මිශ්‍රපල උදා කරන බව ග්‍රහ චාරය අනුව පෙන්නුම් කරයි. වසර ආරම්භයේදී ලග්නාධිපති ග්‍රහයා 5 වැන්නේ ගමන් කිරීම ඔබේ බලාපොරෝත්තු ඉටුවන වසරක් බව පෙන්නුම් කරයි. ඉගෙනීමේ කටයුතුවල නිරත සිංහ ලග්න හිමියන්ට විභාග තරඟ විභාග සම්මුඛ පරිකෂණ ආදියෙන් විශිෂ්ඨ ප්‍රථීඵල ලබාගත හැකි වසරකි. දරුවන් පිලිබද ඔබට සතුටු විය හැකි අවස්ථා ගෙන දෙයි. ඔබට ප්‍රබල මංගල යෝගයක් උදාවී ඇති වසරකි. මෙතෙක් කල් ප්‍රමාද වු විවාහය ඉටු වෙයි. විවාහය සිදුවිමට සුදුසු කාලයකි. සිංහ ලග්න හිමි තරුණ තරුණියන්ට අතර ප්‍රේම සම්බන්ධතා ඇති කරයි. එම ප්‍රේම සම්බන්ධතා සාර්ක වෙයි. ඔබට දෙමාපිය ආශිර්වාදය ලැබේ. අඹුසැමියන් අතර වෙනදා නැති සාමයක් සමගියක් ඇති වේ. හවුල් කටයුතු වලින් ඔබට ලාභ ගෙන දෙයි. ඔබට විටින් විට අධික වියදම් දෙන කරුණුද යෙදෙයි. අතට කොතරම් මුදලක් ලබුනත් ඉතිරි කර ගැනීමට පහසු වෙයි. දේපල පිලිබදව ඔබට අසාධාරනයකට ලක් විය හැකිය. ලැබීමට තිබු දේපලක් නොලැබී යාමට හේතු වෙයි. නිතැතින්ම දේපල සම්බන්ධව නඩු හබ වලට පටලීමට හැකිය. වාහන වලින්ද පාඩු අලාභ සිදුවන බව පෙන්නුම් කරයි. විශේෂයෙන් වාහන හිමියන්ගේ අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය. ඔබ අනතුරකට ලක් විය හැකිය. රෝහල් ගත වීමට සිදු වෙයි. රැකියා උසස් විම් බලාපොරොත්තු වුවන්ට උසස් විම් ලැබේ. ඔබේ දරුවෙකුට වුවද රැකියාවක් ලැබිය හැකි වසරකි. ඔබට කොයිතරම් වියදම් යෙදුනත නිතර නිතර ඔබේ අතේ මුදල් ගැවසේ. අවශ්‍යතාවයන් සදහා අතදිගහැර මුදල් වියදම් වන වකවානුවකි. ඔබට සෙනසුරු ඒරාෂ්ඨකයක් අපලයක් පවතින බැවින් අපල දුරු කරගැනීම සදහා ශාන්ති කර්ම කර සෙත් ලබා ගත හැකිය.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට 2010 වසර එතරම් සුභඵල අත්නොකරන බව ග්‍රහචාරය අනුව පෙන්නුම් කෙරේ. වසර ආරම්භයේදී රවී, සිකුරු, රාහු සමඟ සංයෝගවි සිටී. ලග්නයේ සෙනසුරු තැන්පත්ය. බලාපොරොත්තු නොවු සිත් තැවුල් මානසික පීඩා අවුල් වියවුල් කරදර බාධක වලට මුහුන පෑමට සිදුවන කාලයකි. හදිසි අනතුරු සිදුවිය හැකි කාලයකි. වැටීම් තැලිම්, තුවාල ඇතිවිය හැකිය. වසර උදාවේ දී පැවති ග්‍රහ චාරය අනුව ඔබට සාමාන්‍යය ධනයක් ලැබිය හැකි වසරකි. කුජ 11 වැන්න වු අයස්ථානයේ නීචව ගමන් කිරීම අනුව කොතරම් අතට මුදල් ලැබුනත් නිකරුනේ වියදම් වේ. ඥාතින්, අසල්වැසියන් සමග සිත් අමනාපකම් ඇති වේ. ඔබ ලගින් ඇසුරු කල අයෙකු සමඟ අමනාපවිමක් සිදුවේ. දේපල පිළිබද ආරවුල් ඇතිවන වසරකි. ඔබට ලැබීමට තිබු දේපලක් නොලැබීයාමට හෝ තිබු ප්‍රමානයට වඩා අඩු ප්‍රමාණයක් ලැබීමට හැකිය. පදිංචි නිවස එපා කරවන ග්‍රහචාරයකි. නමුත් ඔබට නව නිවසක් තැනිම් සදහා බලාපොරොත්තු ඇති වේ. නිතර නිතර ඇවිදිලි ඇති වේ. අධ්‍යාපන කටයුතු පිළබද එතරම් උනන්දුවක් නොදක්වයි. ඉගෙනීමේ කටයුතු සදහා කම්මැලි විම් ඇතිවේ. උගත් දේ අමතකවේ. විභාග, තරග විභාග, සම්මුඛ පරිකෂණ ආදියට සහභාගි වු විට උගත් දේ අමතක වී නිවැරදි පිළිතුරු ලිවිමට නොහැකි වේ. අධ්‍යාපන කටයුතු වලින් එතරම් ප්‍රථීපල නොදෙන වසරකි. කන්‍යා ලග්න හිමියන්ගේ දරුවන්ද නිතර නිතර අසනිප වේ. ඔවුන්ගේ වෙනදාට වඩා හිතුවක්කාරකම පහල වේ. ප්‍රේම සම්බන්ධ සදහා කරදර බාධක ඇති වේ. මංගල යෝග අසාර්ථක වේ. විවාහකයන් අතර වෙනදා තිබු සමගිය සමාදානය අඩු වෙයි. නිතර කේන්ති යන ගති ලකෂණ පහල වේ. සතුරු කරදර ලෙඩ දුක් බහුල වසරකි. රැකියවේ දියුණුවක් පෙන්නුම් කරයි.
තුලා
තුලා ලග්න හිමියන්ට 2010 වසර සුභඵල අත් කරන වසරක් බව ග්‍රහ චාරය අනුව පෙන්නුම් කරයි. ලග්නාධිපති සිකුරු ,රවි, බුද, රාහු සමඟ තුන්වැන්නේ තැන්පත්ව සිටී. විදේශගත විමට තබා තිබු බලාපොරොත්තු ඉටුවන වසරකි. උසස් අධ්‍යාපන විදේශගතවී හදරන්නට බලාපොරොත්තුව සිටින තුලා ලග්න හිමියන්ට සුබදායක වසරකි. බලාපොරොත්තු ඉටු වෙයි. දුර බැහැර ගමන් බිමන් යෙදෙයි. තුලා ලග්න හිමි ඔබ දැනට පදිංචි පළාතෙන් වෙනත් පළාතකට හෝ පදිංචියකට යාමට ඉඩ ඇත. දුර බැහැර වන්දනා ගමන් යෙදෙයි. දඹදිව වන්දනාවේ යාමට සිතා සිටි ඔබට එයට අවස්ථාව උදාවෙයි. ඥාතින්ගෙන් හා අසල්වැසියන්ගෙන් උදව් උපකාර ලැඛෙන කාලයකි. අධික වියදම් ගෙන දෙයි. වෙනදා තරම් ඔබට අතට මුදල් නොලැඛෙන වසරකි. මුදල් ලැබුනොත් එයට සිදුවු දේ කුමක්දැයි ඔබට සිතා ගැනීමට නොහැකි ලෙස මුදල් වියදම් වෙයි. කෙසේ වෙතත් ඔබේ බලාපොරොත්තු රැසක් ඉටුවන වසරකි. ඉගෙනීමේ කටයුතු දියුණු වෙයි. විභාග වලින් සමත් වෙයි. තුලා ලග්න තරුණ තරුණියන් අතර සාර්ථක ප්‍රේම සම්බන්ධතා ඇති කරයි. ඔබට මංගල යෝගයක් උදාවී ඇත. මංගල යෝග අවස්ථාවක් වුවත් රැවටිලි වංචාවලට හසුවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. දරුඵල අපේකෂාවෙන් සිටි අයට දරුවන් ලැබේ. දරුවන් සිටින තුලා ලග්න හිමියන්ට දරුවන්ගේ දියුණුවක් දැක සතුටු විය හැකි කාලයකි. අත්හැර දමා තිබු වැඩ කටයුතු නැවත ආරම්භ කරයි. ඔබට සෙනසුරු ඒරාෂ්ඨක අපලයක්ද ලබා ඇත. වැටීම්, තැලීම්, තුවාල, ලෙඩ දුක්, අනතුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. රෝහල් ගත විමක් ද පෙන්වයි. උසාවි පොළිසි යාමට තරම් නොසිතු කරදර ද පැමිනිය හැක.
වෘශ්වික
වෘශ්වික ලග්න හිමියන්ට 2010 වසර මිශ්‍රඵල ලැබෙන කාලයකි. වසර ආරම්භයේදි ලග්නාධිපති කුජ ග්‍රහයා නීච වී 9 වැන්නේ තැන්පත්ව සිටියි. ලග්නාධිපතිගේ දුර්වල විම අනුව වසරේ මුල් භාගය ඔබට එතරම් සුභඵල අත්කර නොදුන්නත් වසරේ අග භාගය ඔබේ බලාපොරොත්තු ඉටු වන කරුණු යෙදෙන බව පෙන්නුම් කරයි. මෙතෙක් කල් ඔබේ සිහිනයක් වු නව නිවසක් තනා ගැනීමේ බලාපොරොත්තුව ඉටුකර ගැනිමට හැකියාව ලැබේ. ගෙදර දොර වාසනාව අත්වෙයි. වැඩ නිම කරගැනිමට නොහැකිව තිබු නිවසේ වැඩ අවසන් කිරිමට ඇති හැකියාව ලැබේ. වාහන ලාභ ගෙන දෙයි. දේපළ සම්බන්ධව තිබු කරදර පැටලිලි නිරවුල් කරගැනිමට හැකිය. රැකියාවේ දියුණුවක් ඇති කරයි. රැකියා බලාපොරොත්තු වු අයට රැකියා ලැබේ. ඔබගේ අවශ්‍යතාවයන් සදහා ධනය ලැඛෙනු ඇත. ස්වීප් ලොතරැයි දිණුමක් ද ලැබිය හැකි බැවින් ඒ පිළිබද උනන්දු වන්න. ගොවිතැන් කටයුතු වල නියුතු අයගේ අතමිට සරුවේ. අධ්‍යාපන කටයුතු දියුණු වෙයි. විභාග වලින් විශිෂ්ඨ ප්‍රථීපල ලැබේ. ප්‍රේම සම්බන්ධතා ඇති කරයි. වෘෂ්වික ලග්න ඔබට සාමාන්‍යය මංගල යෝගයක් උදාවි ඇත. විවාහක අඹුසැමියන් අතර සාමය සමගිය වර්ධනය වේ. ඔබේ දියුණුවට කරුණු සැලකෙයි. කරන කියන දෙය සාර්ථක වෙයි. ඉදිරි දියුණුවට ඔබට වැඩිහිටියන්ගේ සහය ලැබෙයි. ව්‍යාපාරිකයන්ට සුභයි. ඔබ සෙම් රෝග වලින් ප්‍රවේසම් විය යුතු බව පෙනයි. අනතුරු ආදියද පෙන්වයි. භූත දොෂ, සිහිනෙන් බිය වීම, දද, කුෂඨ රෝග ඔබ එක්තැන් කරන රෝගද පෙන්වයි.
ධනු
ධනු ලග්න හිමියන්ට 2010 වසර සුභදායක බව පෙන්නුම් කරයි. ඔබේ බලාපොරොත්තු රැසක් ඉටුවන වසරකි. සාර්ථක ගමන් බිමන් බොහෝමයක්ම යෙදෙයි. විදේශගත විමට සිතා සිටින අයගේ පැතුම් ඉටුවෙයි. අසල්වැසියන්, ඥාතීන්, හිතවතුන් සමඟ විනෝද ගමන් වන්දනා ගමන් වලට සහභාගී වීමේ අවස්ථාව සැලසෙයි. සහෝදරයන්ගේ උදව් උපකාර හිමි වෙයි. ආර්ථීක තත්ත්වය යහපත් වෙයි. ඔබේ අවශ්‍යතාවයන්ට මුදල් ලැබේ. රැකියාව දියුණු වෙයි. රැකියාවක් බලාපොරොත්තුව සිටින අයට රැකියා ලැඛෙයි. රැකියාවල නියුතු අයට උසස්වීම් ලැඛෙන වසරකි. රැකියා ස්ථානයෙන් ඔබට වෙනත් ස්ථානයට යාමට සිදුවිය හැකිය. ස්ථානමාරු පෙන්නුම් කරයි. රාජකාරී කටයුතු සඳහා ද නිතර නිතර ගමන් බිමන් යෙදෙයි. මෙතෙක් කල් කරගෙන ගිය නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීමට හැකි වෙයි. නව ඉඩමක් මිලදීගැනීමට ඉල්ලා තිබූ ණය මුදල් ලැබේ. ධනු ලග්න හිමියන්ගේ දරුවන් ප්‍රවේශම් කර ගත යුතු වසරකි. ඔවුන්ට අනතුරු සිදුවිය හැකිය. දරුවන් අකීකරු වෙයි. ඉගෙනීමේ කටයුතුවල නියැලී සිටින ධනු ලග්න හිමියන්ගේ ඉගෙනීමේ කටයුතු අඩාල කරයි. ඉගෙනීම කෙරහි සිත යොමු නොකරයි. හිතුවක්කාර ප්‍රේම සබඳතා ඇති කර ගනියි. එයින් ඔබේ නමට කැළලක් ඇති කරයි. අනතුරු, ලෙඩ දුක් ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. විවාහය සඳහා හිතුවක්කාර තීරණ ගැනීමට පෙළෙඹෙයි. එයින් ඔබට කරදර රාශියකට මුහුණ පෑමට සිදුවිය හැකිය. ධනු ලග්න හිමි ඔබට මංගල යෝගයක් උදාවී ඇති බැවින් ඔබේ විවාහය මෙම වසරේ ඉටු වීම සුභයි. ශරීර සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.
මකර
මකර ලග්න හිමියන්ට 2010 වසර සුබදායක බව පෙන්නුම් කරයි. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා වසර ආරම්භයේ 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයේ ගමන් කරයි. පසුගිය වසරේ පැවති අපලකාරී කාලය අවසන් වී ඇත. අතරමග නවතා තිබූ වැඩ කටයුතු නැවත අලූතෙන් ආරම්භ කිරීමට සුබයි. විදේශ ගතවීමට බලාපොරොත්තුව සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි. දුර බැහැර ගමන් යෙදෙයි. වන්දනා ගමන් බිමන් වල යා හැකි වසරකි. පසුගිය කාලයේ පැවති ආර්ථීක දුෂ්කරතා මග හැරී යයි. ධනය ලැඛෙන කාලයකි. අතරමිට සරු වෙයි. ස්විප් ලොතරැයි දිණුම් පෙන්නුම් කරයි. ලොතරැයි වාසනාව උරගා බැලීමට සුදුසු වකවානුවකි. ඔබේ විවාහ සඳහා පසගිය කාලයේ යෙදී තිබූ කරදර බාධක මඟහැරී ඔබේ වාසනාව ඉටුවීමේ ලකුණු පහල වෙයි. යොජනා ස්ථිර වෙයි. ප්‍රේම සම්බන්ධතා සඳහා ද දෙමාපිය ආශිර්වාදය ලැබේ. නමුත් කුජ ග්‍රහයා විවාහ ස්ථානය වූ 7 වැන්නේ නීචව ගමන් කිරීම එතරම් සුබදායක නොවේ. වසරේ මුල් මාස හය තුල විවාහය පිළිබඳ තීරණ ගැනීමේදී හොදින් සොයා බලා තීරණ ගත යුතුය. රැවටිලි වංචාවන්ට හසුවිය හැකි බැවිනි. මකර ලග්න ඔබ වෙත ඥාතී හිතවතුන්ගේ හෝ අසල්වැසියන් මාර්ගයෙන් මංගල යෝජනා පැමිණිය හැකිය. දේපල සම්බන්ධ කරදර පැටළිලි පැන නැගීමට හැකිය. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදා තිබූ උනන්දුව නැති විය හැකිය. උත්සාහයේ තරමට ප්‍රථීඵල ලබා ගත හැකිය. ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සෙම් අමාරු, අතපයේ කැක්කුම් ආදිය බලපෑමට හැකිය.
කුම්භ
කුම්භ ලග්න හිමියන්ට 2010 වසර මිශ්‍රපල උදා කරයි. ලග්නාධිපති ශනි ග්‍රහයා 8 වැන්න වූ බාධක ස්ථානයේ තැන්පත් වීම සෙනසුරු අෂ්ඨම ඒරාෂ්ඨක අපලයකි. වසර ආරම්භයේ කුජ ග්‍රහයා නීච වී හය වැන්න වූ රෝග සහ සතුරු ස්ථානයේ තැන්පත් වීම නිසා ඔබට ලෙඩ දුක් ආදියෙන් ප්‍රවේශම් වීමට සිදුවෙයි. කරදර බාධක විපත් ආදිය ගෙන දෙයි. මානසික සිත් තැවුල් ඇති කරයි. විශේෂයෙන්ම වැටීම් තැලීම්, තුවාල, අනතුරු, උණ රෝග ඇති විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. රෝහල්ගතවීම් ශල්‍යකර්ම ආදිය පෙන්වයි. ඔබට සතුරු කරදර ඇතිවිය හැකිය. සෙනසුරු ඒරාෂ්ඨක අපල බලපෑමෙන් ඔබට යම් අපලකාරී තත්ත්වයක් බලපෑවත් 2010 වසර සාමාන්‍යයෙන් සුභඵල ගෙන දෙයි. අතමිට සරුවී බලාපොරොත්තු ඉටු වෙයි. මංගල යෝජනා ස්ථීර වෙයි. පෙම් සබඳතා ද ස්ථීර වෙයි. යාන වාහන, ඉඩ කඩම් නිවාස හිමි කරවයි. සියලූ යස ඉසුරු ලැබෙන කාලයකි. ඉගෙනීමේ කටයුතුද සාර්ථක වෙයි. ඉගෙනීම කෙරෙහි වෙනදාට වඩා උනන්දුව කැපවීම අවශ්‍යයි. හවුලේ කරන වැඩ කටයුතු වලින් වාසි අත්වෙයි. නොසිතූ වාසිද අත්වනු ඇත. ස්විප් ලොතරැයි දිණුම් ලැබීමට පුළුවන. සිත සතුටට පත්වන කාලයකි. සැප සම්පත් ලැබේ. ව්‍යාපාර දියුණුව ඇති කරයි. රැකියාවේ උසස්වීම් ලැබේ. ඔබේ වාසනාව උදාවී සැප සම්පත් භුක්ති විඳිමින් සතුටින් කල් ගෙවීමට සෙනසුරු ඒරාෂ්ඨක අපලය බාධාවක් විය හැකිය. එබැවින් විෂ්ණු දෙවියන් උදෙසා කැවිලි පළතුරු වට්ටියක් පූජා කර දින 21 ක් බෝධි පුජා කිරීමද නිතර පින් දහම් කටයුතුවල නිරත වීම ද ගුණදායකය.
මීන.
මීන ලග්න හිමියන්ට 2010 වසර එතරම් සුබඵල අත් නොකරන බව වසරේ ආරම්භයේ පවතින ග්‍රහචායේ පවතින ග්‍රහචාරයට අනුව පෙන්වයි. ලග්නාධිපති ගුරු ග්‍රහයා 12 වැන්න වූ වැය ස්ථානයේ තැන්පත්ය. 2010 වසර අධික වියදම් ගෙනදෙන වසරක් බව පෙන්වයි. ධන හානි සිදුවිය හැකිය. ඔබ සතු වටිනා දේ සොර සතුරන් අතට පත්වීමට ඉඩ තිබේ. අනාගත අභිවෘද්ධිය පිණිස ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක නොවේ. ඔබට ඔබේ දරුවන් වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කිරීමට සිදුවන අවස්ථා යෙදිය හැකිය. දරුවන් අකීකරු වෙයි. දරුඵල අපේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අසීරුය. ගැබිණි මාතාවන් ප්‍රවේශම් විය යුතුය. ගබ්සා ආදියට ලක්වීමේ අවධානය වැඩිය. ගර්භාෂය සම්බන්ධව ලෙඩ රෝග ඇතිවිය හැකිය. උදරයේ ශල්‍ය කර්ම වලට ලක්විය හැකි කාලයකි. මීන ලග්න හිමි දරු දැරියන් අධ්‍යාපනය කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බව පෙන්වයි. ඔවුන් සෙල්ලමට යොමුවන කාලයකි. කෙසේ වෙත් ඔබට නිවසේ අළුත්වැඩියාවකට සිත් යොමුවන බව පෙන්වයි. නැතිනම් නිවසට අළුතින් කොටසක් තැනීමට සිත්වෙයි. එම කටයුතු ද බාධා මධ්‍යයේ සිදුකලත් අධිකව වියදම් යෙදෙයි. රැකියා කටයුතු සඳහා දුර බැහැර ගමන් බිමන් යෙදිය හැකියි. පිට පලාතකට ස්ථාන මාරුවීමක් වීමට ද පුළුවන. ගෘහ ජීවිතයේ ද සුළු සුළු ගැටුම්කාරී තත්ත්වයන් හට ගනියි. භාර්යාව හෝ සැමියා අසනීප වීමට හැකිය. උස් ගොඩනැගිල්ලකින් ඔබට හානියක් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියාවක් බලාපොරොත්තුව සිටින මීන ලග්න හිමියන්ට එම බලාපොරොත්තුව ඉටුවීම ප්‍රමාද කරයි. රැකියාවක් ලැබුනත් එය ලැඛෙන්නේ ඔබ වාසය කරන ප්‍රදේශයෙන් ඉතා දුර බැහැර ප්‍රදේශයකටය.