ඔබ උපන් ලග්නයට අනුව 2010 නව වසරේ පලාපල

ඔබ උපන් නැකතට අනුව 2010 නව වසරේ පලාපල

අස්විද

නඩුහබ වලින් ජය ලැබීමට හැකියාව ඇත. සිතේ සතුට ඇති කරයි. අඹුසැමි ආරවුල් දූරුවන ලකුණු පහල වෙයි. හදිසි ධන ලාබ ලැබේ. බාධක දුරු වෙයි. දුර බැහැර සිටින ඥාතීන් නිවසට පැමිණෙයි.

ඛෙරණ
කරන කියන කටයුතු යහපත් අතට හැරෙයි. බාධා දුරුවෙයි. නව අදායම් මාර්ග පැදීමට හේතුයි. රැකියා ව්‍යාපාර කටයුතුවල නව දියුණුවක් ඇතිකරයි. පෙම් සබඳතා වලට පැවති බාධා දුරු වෙයි.

කැතී

දරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න. අමතර අදායම් මාර්ගයක් හෝ රැකියාවක් වැනි දෙයක් ලබාගැනීමට හැකි වෙයි. පවුලේ අයෙකුගේ උත්සවයක් වැනි දෙයකට ද සහභාගී වීමට ඉඩ සැලසෙයි. ණය මුදලක් හේ එවැනි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් අසාර්ථක වෙයි.

රෙහෙන

නව රැකියාවක් බලාපොරොත්තු වන අයට හොඳ කාල සීමාවකි. රැකියා වල නියුතු වූවන්ට ද උසස් වීම්, දීමනා වැනි දේ ලැබේ. දරුවන්ගේ කටයුතු වලින් සතුටුදායක ප්‍රථීපල ලැඛෙනු ඇත. මංගල උත්සව වැනි දෑ උදාවීමට හේතුයි.

මුවසිරස

රැකියාවක් බලාපොරොත්තුව සිටින අයට ඒවා ඉටුකර ගත හැකිය. රැකියා ව්‍යාපාර ආදියෙන් චිත්ත පීඩා ගෙන දෙන කරුණු මතුවිය හැකිය. මවට හෝ මව් පාර්ශවයේ ඥාතී පිරිසකට කරදරකාරී තත්වයක් ඇති කරයි.

අද

හදිසි අනතුරු වලට මුහුණ පෑමට සිදුවන බැවින් ගමන් බිමන් යාමේදී වඩාත් ප්‍රවේශම් වන්න. පිය පාර්ශවයේ නෑ පිරිසෙන් තමන්ට සිත් වේදනා ගෙන දෙන කරුණු මතු වීමට ඉඩ තිබේ. රැකියාවල නියුතු වූවන්ට ඒ පිළිබඳව යම් යම් ගැටළු ඇති කරයි.

පූනාවස

අනවශ්‍ය කටයුතු සඳහා වියදම් කිරීමට පෙළෙඹෙන කාලයකි. විදේශගත වීමේ අදහසක් අති කරයි. පවතින රෝගාබාධයන්නේ සුවය ලැඛෙනුයේ මද වශයෙනි. සතුරු කරදර අඩු වෙයි.

පුෂ

ලබන ආදායම් ප්‍රමාණය අඩු විය හැකිය. පටන්ගත් කාර්යය අතරමග නතර වෙයි. තමන්ට නින්දා අපහාස වන කටයුතු වලට සම්බන්ධ වීමට ඉඩ ඇත. හෘදයාබාධ ඇති කරයි.

අස්ලිස

දේපල ඉඩකඩම් පිළිබඳ ගැටළු වලට මුහුණ පෑමට සිදු වෙයි. රැකියා ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු වන ලාභ ප්‍රයෝජන නොලැබී යාමට ඉඩ තිබේ. පවුලේ සමගියට සතුටට විටින් විට බාධා ඇති කරයි. ආදායම් මාර්ග වල අවහිරතා මතුවන එයි.

මා

රැකියාවන්හි නියුතු අයට සාමාන්‍යයෙන් සුබඵල ලැබේ. පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් අධික වෙහෙසක් ගන්නවා පමණක් නොව ඒ සඳහා ධනය ද වැය කිරීමට සිදු වෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවට පත් වෙයි.

පූවපල්

යහපත් කාල සීමාවකි. සහෝදර පක්ෂ වෙනුවෙන් තම කාලය වැය කිරිමට සිදු වෙයි. මංගල උත්සවයකට සහභාගී වීමට ලැබේ. රැකියා ලාභයකට ද ඉඩ ඇත. දරු සම්පත් ලැබීමේ භාග්‍ය හිමි කරයි.

උත්‍රපල්

අධික වියදම් පාලනය කර ගැනීමට ශක්තිය ලැබේ. අවිවේකී බවක් දක්නට ලැබේ. ගුප්ත කටයුතු වලින් ඵල ප්‍රයෝජන ගත හැකිය. සතුරු කරදර බොහෝ දුරට මැඩ පවත්වාගත හැකිය. රෝගාබාධයකින් කලක් තිස්සේ පැවති අසහනකාරී ගතිය අඩු කරයි.

හත

කරන කියන කටයුතු අවුල් සහගත වෙයි. සතුරු කරදර යටපත් කළ හැකිය. අනවශ්‍ය ගමන් බිමන් බහුල වෙයි. ගමින් බැහැරව කරන කටයුතු වලින් ප්‍රයෝජන ලැබීය හැකියි. ශරීර සෞඛ්‍ය රැක ගැනීමට වඩාත් උනන්දු වන්න.

සිත.

දරුවෙකුගේ හෝ ඥාතියෙකුගේ හෝ මංගල කටයුත්තක් යෙදීමට ඉඩ තිබේ. පවුලේ අයෙකුට මංගල යෝජනාවක් පැමිණෙනු ඇත. නව ආදායම් මාර්ග ගැන සිත යොමු කරයි. ඥාති සහෝදරයෙකුගෙන් උදව් ලැබේ.

සා

රැකියා ලාභ බලාපොරොත්තුවන අයට බාධා එල්ල වෙයි. කරන රැකියා ව්‍යාපාර ආදියෙදී අවුල් වියවුල් ගතියක් ඇති වීමට ඉඩ තිබේ. පවුලේ ආදායම් තත්ත්ව පහත වැටෙයි. එසේ නැතිනම් අර්බුධකාරී තත්ත්වයකට පත් වෙයි. සෞඛ්‍ය පිරීහී යනු ඇත.

වීසා

රැකියා ස්ථානයේ යම් යම් කරදර ඇති වෙයි. සමහරවිට රැකියාව අහිමි වීමට ද ඉඩ තිබේ. වැටීම්, තැලීම් හෝ ඒ හා සමාන හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න. හිසේ හිසේ ආබාධ ඇති කරයි. මුදල් කරදරයකට පැටලීමට හේතුයි.

අනුර

මංගල කටයුතු වලට සුබයි. ඒ සඳහා කාලය වැඩිපුර ගත කිරීමට සිදු වෙයි. ආදායම් තත්ත්වය යහපත් වෙයි. ජීවිතයේ ඉදිරි දියුණුව සඳහා නව වැඩ සැලසෙයි. සහෝදර පක්ෂය නිසා තමන්ට යහපතක් උදා වෙයි.

දෙට

විදේශගත වීමේ අදහස් ඇති අයට ඒවා සපල කර ගැනීමට අවස්ථා උදා වෙයි. අනවශ්‍ය වියදම් වලට ද කරුණු සැලසෙයි. වැඩ කටයුතු නිරවුල් කර ගැනීමේ අපහසුතාවයක් ද ඇති වෙයි. සතුරු අය මිතුරකම් පාන්නට පුළුවන. සෞඛය තත්ත්වය සාමාන්‍යයි.

මුල

නව ආදායම් මාර්ග පිළිබඳව සිත් යොමුකළ හැකිය. පවුලේ දියුණුවට බාධාවක්ව තිබූ යම් යම් කරුණු මග හැරී යනු ඇත. සතුරුව සිටි අයෙකු මදකට හෝ මිතුරු භාවයක් පෙන්වයි. නිසි ප්‍රථීකාර යෙදුවහොත් පවතින රෝගාබාධයන්ගෙන් ඉක්මන් සහනයක් සැලසෙයි.

පුවසල

අනුනට උපකාර කිරීමට යාමෙන් නින්දාවට අපහාස ලැබීමට ද සිදුවෙයි. හදිසි අනතුරු වලට ලක් වීමට ඉඩ තිඛෙන නිසා ගමන් බිමන් වලදී පරිස්සම් වන්න. නුපුරුදු තැන් වල (ගංගා, මුහුදු) දිය නෑමෙන් වළකින්න. මුදල් ගණු දෙනු වලදී පාඩු සිදුවිය හැකිය.

උත්‍රසල

අධ්‍යාපන කටයුතුවල අඩාල වීමක් දැකිය හැකිය. උසස් අධ්‍යාපනය ලැබූ අයට නව රැකියා ලාභ ගැන බලාපොරොත්තු තැබිය හැකිය. පවුලේ සමගියට වරින් වර බාධා ඇති කරයි. ස්නායු පද්ධතියේ දුර්වලකම් නිසා ඇතිවන රෝග හෝ රෝග කීපයක් මතුවිය හැකිය.

සුවන

රැකියාව හෝ පදිංචි ස්ථානයේ කරදරකාරී තත්වයක් උදා කරගත හැකිය. ගෙදර දොර කටයුතුවල අවුල් ස්වභාවයක් පැන නැගීමට ඉඩ තිබේ. අය පක්ෂය පහත වැටීමට පුළුවන. ඉඩම් දේපල උරුමකම් පිළිබඳ ගැටළු ඇති කරයි. සතුරු කරදර මුතු වෙයි.

දෙනට

සිතේ අවිවේකී ගතිය වැඩිවන හේතු ඇති විය හැකිය. ගමන් බිමන් යාමේදී වඩාත් කල්පනාකාරී වන්න. ආදායමේ වර්ධනයක් ලබා ගැනීම අපහසුය. එය අනශ්‍ය දේ සඳහා අනවශ්‍ය විදියට වියදම් කිරීමට පෙළෙඹෙයි. නඩු හබ ආදියෙන් හැකි තරම් ප්‍රවේශම් වන්න.

සියාවස

විදේශ ගමන් සඳහා සිත් යොදවා සිටින අයට හොඳ කාලසීමාවකි. අවිවාහක අයට මංගල යෝජනා උදා කරයි. තමාගේ දියුණුව සඳහා කටයුතු යෙදීමට සිදු වෙයි.

පුවපුටුප

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අධික වෙහෙසක් ගැනීමට සිදුවෙයි. රැකියා කටයුතු වලින් සිත් කරදර ඇති වෙයි. ප්‍රමාණවත් ආදායම් නොලැබීමට ඉඩ ඇත. බලාපොරොත්තු නොවන කරදර වරින්වර මතු කරයි.

උත්‍රපුටුප

බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපහසු කරුණු විටින් විට මතු වෙයි. තම චරිතයට කැළැල් ඇතිවන නින්දා අපහාසයන් එල්ල වීමට ඉඩ තිබේ. කකුල් වලින් ඉහළ කොටසේ කලවා උකුල ආදී ස්ථානයන් වැටීම් තැලීම් ආදියෙන් තුවාල ඇති විය හැකිය.

රේවතී

පෙර පැවති කරදර තරමක් දුරට හෝ මගහැරෙන කාලයකි. රැකියා ව්‍යාපාර ආදියේ යම් වර්ධනයක් ඇති කරයි. සිතට සහනයක්සැදෙයි. කලක් පැවති රෝගාබාධ තත්ත්වයන් මඟහැරී යාමට හැකිය.


   

 

 


HOME | ABOUT US | ASTROLOGY | SERVICES | CONTACT US | TESTIMONIALS | PLANETS

 
Copyright © 2008 Ceylon Astrology Srilanka . All rights reserved Lanka Web Designing By Kawdo Group