2012 ඔබට කොහොමද ?????
මේෂ ලග්නය
ධනය
වියදම් අධික කරයි. නිෂ්පල ධන හානියකටද හේතු වේ. දේපල නැති වීම හෝ දේපල වලට කරදර ඇති වේ. වස්තු හානි ඇති වන ආකාරයට නිෂ්පල වියදම් වීමට කටයුතු සැලසේ. මිල මුදල් පිළිබඳව හෝ ගනුදෙනුවක් පිළිබඳව කරදරයක් පැටලිල්ලක් මතුවේ. කිසිම වැඩකට නැති දෙයකට මිල මුදල් නැති නාස්ති වී යයි. අනුන්ගේ වියදම් පවා තමාට සිදු කිරීමට වේ.
රැකී රක්‍ෂා
කරගෙන එන රැකී රක්‍ෂා වලට අවහිරකම් හෝ වැඩ වැඩිකමින් කරදර හෝ ප‍්‍රමාද වීම් ඇති කරයි. සමහර විට රැකී රක්‍ෂා අහිමිවී යාම හෝ සිදු විය හැකිය. රැකී රක්‍ෂා කටයුතු වල කරදරද වෙනස් කම් හා උස්පහත් වීම්ද ඇති විය හැකි වේ. සමහර විට රැකී රක්‍ෂාවෙන් හෝ වෙළඳ ව්‍යාපාර වලින් පාඩුද පරාජයද කැඞී බිඳී යාමද ඇති වේ. රැකි රක්‍ෂාවලින් පහත වැටුනහොත් නැවත එම තත්වයට නැගිටීමට අපහසු වේ.
ගුරු මහදශා අන්තර දශා ගතකරන අයට වර්ෂයේ මැද භාගයෙන් පසුව රැකී රක්‍ෂා වලින් උසස් වීම් ලැබේ.
ගෘහජීවිතය
නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන කටයුතු වලට බාධා සහ ප‍්‍රමාද වීම් ඇති වේ. විවාහ වූවෙකුට නම් තම භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් වෙන් වීමට සිදු වේ. නමුත් අන්‍යය අනියම් සම්බන්ධකම් ඇතිකර ගනී. එම සම්බන්ධකම් රහසේ ඇති කර ගැනීමට ඉඩ ලැබේ. අමුතු ආකාරයේ කම්සැප ලැබේ. දරු ශිෂ්‍යාදීන්ගෙන්ද වෙන් වීමක් සිදුවේ. භාර්යාවට හා දරු ශිෂ්‍යාදීන්ට අසනීප ආදී කරදර ඇතිවේ. තම භාර්යාව හෝ ස්වාමි පුරුෂයා අසනීපයෙන් සිටී නම් අසනීප තදබල ලෙස උත්සන්න වේ. තම භාර්යාව හෝ ස්වාමි පුරුෂයා අසනීපයෙන් සිටී නම් අසනීප තදබල ලෙස උත්සන්න වේ. වෙහෙසකර දුර ගමන් යාමටද සිදු වේ. මහජනය සමග කරන කටයුතු වලදී අවුල් වියවුල් මතුවේ. දෝෂාරෝපණ වලට හසු වේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට තරමක අවාසනාවන්ත කාලයක් වේ. බොරු චෝදනා නඩුහබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලිද ඇති වේ. කායික හා චිත්ත පීඩාද සමහර විට රාජ දඬුවම්ද නැතහොත් දඬුවම් ලැබිය යුතු වරදක් කරනවා ඇත. හිතවත් සම්බන්ධකම් ගුරු ගෝල සම්බන්ධකම් කැඞී බිදී යාමක් ඇති වේ. ස්ථාන මාරුවකට බොහෝ සෙයින් ඉඩ තිබේ. සතුරු කරදර ඇති වේ.
ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගයෙන් පසු ගෘහ ජීවිතයේ සැපවත් තත්වයක් උදා වේ. උත්සව පවත්වන්නට හෝ උත්සව වලට සහභාගී වීමට අවස්ථාව ලැබේ. ගෙදර දොර ප‍්‍රීතිමත් කාලයක් වේ. සමහර විට දරු උපතක් හෝ සිදුවිය හැකිය. සුදුසු වයස නම් විවාහය හෝ කම්සැප ලැබේ. පවුලේ පිරිස වැඩි වේ. හිතවතුන් සහ හිතවතියන් සමග ප‍්‍රිය මනාප ලෙස කතාබස් කිරීමට අවස්ථාව ලැබේ.
අධ්‍යාපනය
තරඟ වාද විවාද ආදියෙන් අවසානයේදී පරාජය සහ අසමත්වීම් ඇති විය හැකි වේ. ධාරණ ශක්තිය අඩුවේ. විභාගවලින් අසමත් වීමට හැකියාව වැඩි බැවින් බොහෝ සෙයින් උත්සාහවන්ත විය යුතුය. ඉගෙනීම වෙනස් වේ. නැතහොත් අමුතු ඉගෙනීමකට බැඳෙන්නට සිදු වේ.
සෞඛ්‍ය
ශරීර ශක්තිය අඩු වේ. විශේෂයෙන් වාතාබාධ හිරිවාත අජීරණ රෝග, ආදී අසනීප වලට ඉඩ තිබේ. ශරීරයෙහි සෙම්පිත් වාතාදියෙහි අසමානකම් තුන්දොස් කෝප ඇති වේ. ශරීරයේ යම් යම් කොටස් දුර්වල වීමට හෝ දිරායාමට ඉඩ තිබේ. දත් දිරායාම, දත් වල දුර්වල කම් ඇති වීමට හේතු වේ. ශරීරය කෘෂ වේ.
ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා ශුභ අංකය :- 1, 2,4, 5, 7, 9
ශුභ වර්ණ :- රතු සහ නිල් ශුභ මැණික් :- රතු කොරල්, රතු මැණික්
වෘෂභ ලග්නය
ධනය
ධනය දේපළ දියුණු වේ. ධන ලාභ ලැබේ. ආදායම ඉහල යයි. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. සිතේ ප‍්‍රීතියට හේතුවන ධනය හා වස්තුව ලැබේ. රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇති වේ. මුදල් හානි වේ. දේපල වලට අලාභ හානි පැමිණේ. ඵල ප‍්‍රයෝජන සහිත දේවල් වලට මුදල් සහ ධනය වැය කිරීමටද සිදු වේ.
රැකීරක්‍ෂා
රැකී රක්‍ෂාවල ස්ථාන මාරු සිදුවිය හැකිය. රැකී රක්‍ෂා නැති වී යාමට ඉඩ තිබේ. රැකී රක්‍ෂාවල තත්වය පහතට වැටේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගතකරන අයට අලූත් රැකී රක්‍ෂා ලැබීමට හෝ කරගෙන යන රැකී රක්ෂා වල තත්වය උසස් වීම් ලබාගත හැකි වේ.
ගෘහජීවිතය
සතුරන්ගෙන් ජය ලැබේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් සමඟද පුරුෂයන්ට හිතවතුන් හෝ හිතවතියන් සමඟද ආශ‍්‍රය ඇති වේ. වාසනාවන්ත ප‍්‍රීතිමත් කාලයකි. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් වේ. ආහාරපාන වර්ග ලැබේ. සිතේ ආකාරයට හෝ තමා කැමති ආකාරයට අනියම් කම්සැප ලැබේ. කරන කියන සෑම කටයුතු වලින්ම ලාභ හා දියුණුව ඇති වේ. තමාගේ නම හොඳ වේ. සැපපහසුවට අවශ්‍ය ගෘහ භාණ්ඩ වාහනාදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ. තමාගේ සිතැඟි ආකාරයට ගෙදර දොර පාලනය කරමින් වාසය කිරීමට හැකියාව ලැබේ. නිතර හිතවතුන් සමඟ ගමන් යාමට පහසුකම් සැලසේ. අප‍්‍රසිද්ධව යම් යම් කටයුතු වලට මුදල් වියදම් කරන්නට සිදු වේ. සමහර අවස්ථාවලදී පුණ්‍ය කටයුතු වලට මුදල් පරිත්‍යාග කෙරේ. අප‍්‍රසිද්ධව අසරණ අයට උදව් කිරීමට කාලය ගත වේ. එහෙත් නිතරම සිත් තැවුලෙන් කාලය ගත වේ.
ගුරු මහ දශා රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට සතුරු බිය ඇති විය හැකිය. වෙහෙසකර නිශ්ඵල ගමන් බිමන් යාමට සිදු වේ. තරමක කරදර සහිත කාලයකි. දුක් විපත් අඹුදරුවන්ගෙන් වෙන් වීම් ඇති වේ. සහකාරකම් කැඞී බිඳී යයි. පදිංචි ගෙදර දොර වෙනස් විය හැකිය. බොරු චෝදනා වලට අපවාද අසන්නට සිදු වේ. කරන කියන කටයුතු වලින් අවුල් වියවුල් මතුවේ. ඥාතීන්ගෙන්ද කරදර හිරිහැර ඇති විය හැකිය. නඩුහබ වලට හෝ සතුරු වියවුල් වලට පෙලෙන්නට ඉඩ ඇති බැවින් ප‍්‍රවේසම් විය යුතු කාලයකි.
අධ්‍යාපනය
භූත විද්‍යා, ගුප්ත ශාස්ත‍්‍ර, ජ්‍යොතිෂ ශාස්ත‍්‍රාදිය ඉගෙනීමෙහි යෙදෙන්නට ඉගෙනීමට වැඩි දියුණු කරගත හැකිවේ. අන්‍යයන්ද මේ කාලයේදී එවැනි ශාස්ත‍්‍රවලට උනන්දුවක් දක්වයි. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගයට පෙර විදේශ අධ්‍යාපන කටයුතු වලට අවස්ථාව ලබා ගත හැකිවේ.
සෞඛ්‍ය
ලෙඩරෝග තිබුණේ නම් ඒවායින් සුවය ලැබේ. ශරීරයේ බර වැඩි වේ. රාහු මහදශා අතුරු දශා ගත කරන අයට ශරීර ශක්තිය හීන වේ. ලිංගා බාධ, ඉකිලි කැසිම හෝ චර්මාබාධ ආදිය සෑදේ. මුත‍්‍ර දෝෂ, ධාතු දුර්වලත්වය, වකුගඩු වල ආබාධ හෝ ඇතැම් විට ශෛල්‍ය කර්මයක් කිරීමට තරම් ආබාධයක් වැළදෙන්නට ඉඩ තිබේ.
ශුභ දවස් :- බදාදා, සිකුරාදා, ඉරිදා ශුභ අංක :- 6
ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්
මිථුන ලග්නය
ධනය
නැතිවී ගිය වස්තු හා ධන ලාභ ලැබේ. දේපල ඉඩකඩම් වලින් ආදායම් ලැබෙන කාලයකි. වෙළහෙළඳ ව්‍යාපාර වලින් පසුගිය කාලයට වඩා ලාභ ලැබෙන කාලයක් වේ. බැංකු මුදල් වර්ධනය කරගත හැකිවේ. ණය ගණුදෙනු වලින් ලාභ ලැබේ. ආදායම් තත්වය ඉහළ යයි. අනාගත ලාභ බලාපොරොත්තුවෙන් මුදල් යොදවා කරන ව්‍යාපාර වලින් එතරම් සාර්ථක ධන ලාභ නොලැබෙනු ඇත.
රැකීරක්‍ෂා
රැකීරක්‍ෂා වලින් උසස් වේ. රක්ෂාවක් සොය සොයා සිටින කෙනෙකුට නම් මේ කාලයේදී එය ලැබීමට හේතුවේ. නිලතල බලාපොරොත්තු වන අයටද එය ඉෂ්ට වේ. අමුතු ව්‍යාපාර ආරම්භ කිරීමට මෙය ඉතාමත් හොඳ කාලයකි. නැති වී ගිය රැකී රක්ෂා තනතුරු නැවත ලැබෙනවා ඇත. රැකියා වලින් දියුණුව ඇති වේ.
ගෘහජීවිතය
සැනසිලිදායක ප‍්‍රීතිමත් කාලයකි. කරන කියන සියලූ කටයුතු වලින් දියුණුවත් ලාභයත් ලැබෙන කාලයකි. ගෞරව සැලකිලිද වැඩි වේ. ගෙදර දොර සැනසිලිදායක තත්වයක් ඇති වේ. පවුලේ වාසනාවන්ත ප‍්‍රීතිදායක කාලයයි. හොඳ ආහාරපාන වර්ගද ඇඳුම් පැළඳුම්, යානවාහන ලැබෙනවා ඇත. දරු ශිෂ්‍ය ලාභ ලැබෙන කාලයකි. හිතවතුන්ගෙන් හා හිතවතියන්ගෙන් ආදර සංග‍්‍රහ ඇප උපකාර ලැබේ. දරුවන්ගේ විවාහය හෝ ඔවුන්ට දරුවන් ලැබීමද, දරුවන්ගේ තත්වය උසස් වීමද නියමයි. ඔවුන්ගෙන් තමාටද හොඳ සැලකිලි ලැබේ. මේ කාලය ඇතුලතදී තමාට සැලකිය යුතු දියුණුවක් ඇති කර ගැනීමට හේතු වේ. ගෙවල් වැඩද ආරම්භ වේ. ගොවිතැන් කරන අයට මේ කාලයේදී හොඳ අස්වැන්නක් ලැබේ. සතුරන් පරාජයට පත්වී තමන්ට ජය ලැබේ. තම බලය වැඩි වේ. දේව භක්තිය ගුරු භක්තිය මිත‍්‍ර සෙනෙහස වැඩි වන කාලයයි. කාලයක සිට සිතේ පැවති බලාපොරොත්තුවක් ඉෂ්ට වේ. භාර්යාවට හෝ පවුලේ අයට දරුපල ලැබෙන කාලයකි. සතුරන්ගෙන් කරදර ඇති වේ. තමා කැමති ආකාරයට කම්සැප ලැබීමට ඉඩ ලැබේ. ස්ත‍්‍රීන් සමඟ ආශ‍්‍රය ඇති වේ. තමාට අවශ්‍ය බඩු බාහිරාදිය මිලයට ගැනීමට ලැබේ. මෙහෙකරුවන් ලැබේ.
සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට සුලු දේවල් ලොකුවට පත්වීමෙන් අමාරුවට වැටේ. තමාගේ හෝ තම පවුලේ අයගේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ මාරක ඇති කල හැකිය. සිතට කණගාටු දායක කාලයකි. තද වෙහෙසකර ගමන් යාමට සිදු වේ. අඹුදරුවන්ගේ වියෝ වීමක් සිදු වේ. රේස් සූදු ආදියෙන් ජය නොලැබේ.
අධ්‍යාපනය
අමුතු දේ ඉගෙන ගැනීමට ඉඩකඩ ලැබේ. තරඟ විභාග වලින් ජය හිමි වේ. ඉගෙනීම් වල යෙදෙන ශිෂ්‍යයින්ට නම් අමුතු දේ ඉගෙනීමට ලැබේ.
සෞඛ්‍ය
අසනීපයෙන් සිටිනා කෙනෙකුට නම් වහා සුවය ලැබේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට බඩේ අසනීප, වසංගත රෝග ආදිය සෑදීමට ඉඩ තිබේ. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි.
ශුභ දවස් :- බදාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා ශුභ අංක :- 3, 5
ශුභ වර්ණ :- කොළ, කහ ශුභ මැණික් :- පච්ච
කටක ලග්නය
ධනය
මිල මුදල් පිළිබඳ කටයුතු කරන අයගේ මුදල් හානිය සිදු වේ. දේපල හානි වීමක් හෝ ඒවායින් ප‍්‍රයෝජන රහිත බවක් පෙන්නුම් කරයි. ධනය හීනවන කාලයකි. වියදම අධික වේ. නමුත් ඇතැම් විට වරින් වර සුලු වශයෙන් ලාභද ලැබෙන්නට පුලුවන. දුප්පත් වේ.
රැකීරක්‍ෂා
රැකී රක්ෂාවලින් උසස් වීමට හෝ අමුතුවෙන් රක්ෂාවක් සොයා ගැනීමට උත්සාහ කරන කාලයකි. නමුත් එම උත්සාහයන්ගේ ප‍්‍රතිඵල ඉතා අඩුය. තමාගේ රැකී රක්‍ෂා වෙළහෙළඳ කටයුතු වල අගය වටිනාකම තත්වය අඩු වේ. උසස් වීම් වලට බාධා ඇති කරයි.
ගෘහ ජීවිතය
ඥාතීන් විසින් තමාට දොස් පවරනු ලැබේ. දියුණුවීමට ගන්නාවූ උත්සාහයන්ගේ ප‍්‍රතිඵල නොලැබේ. තත්වය පහලට වැටෙන්නට ඉඩ තිබේ. ස්ථානීය වෙනසක් සිදු විය හැකි වේ. ඉතා කෙටි වශයෙන් ප‍්‍රයෝජන ලැබෙන ගමන් බිමන් අධික වේ. ඥාතියෙක් හෝ මිත‍්‍රයෙක් අහිමි වේ. උසස් අයගෙන් අප‍්‍රසාදය හා අකරුණාව ලැබීමට පුලුවන. කණගාටුවට කරුණු යෙදේ. ගෙදර දොර ආරවුල් මතුවේ. අවාසනාවන්ත දායක ස්ථාන වෙනස් වීමක් හෝ තත්වයෙන් පහළට වැටෙන ආකාරයට කටයුතු වෙනස් වීමක් ඇති විය හැකි බැවින් ඉතා ප‍්‍රවේශම් විය යුතුයි. මෙහෙකරුවන් සමඟ ආරවුල් ඇති කර ගනී. තමාගේ තිබුණු ගෞරවය නැති වී යයි. පවුලේ වැඩිහිටියන්ගේ කටයුතු වලට ආධාර කිරීමට සිදු වේ. ඇතැම් විට තරුණ තරුණියන්ට විවාහ යෝජනා ඇති වුවත් ඒවා එතරම් සාර්ථක සහ අංගසම්පූර්ණ ඒවා නොවේ. උසස් අය සමඟ ආශ‍්‍රයේදී ඉතා ප‍්‍රවේශම් විය යුතුය. නඩුහබ වලට හසු වුවහොත් පරාජයට පත්වේ. දරුවෙක් අනාත භාවයට පත්විය හැකිය. දේශපාලකයෙකුගේ නම් සුදුසුකම් උසස් කම් කොපමණ තිබුණත් ඔහුට මහජන ප‍්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ තිබේ. අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදු වේ. ජල ගැලීම් වලින් කුණාටු වලින් කඩා බිඳ වැටීම් වලින් පාඩු දක්නට ලැබේ. විශේෂයෙන් ගෙදර දොර අබලන් තත්වයට
වැටෙන කාලයකි. මව් පාර්ශවයෙහි ඥාතියෙකුටද මාරක සිදු වේ. ජීවිතයේ අඳුරු කාලයක් වේ.
අධ්‍යාපනය
විභාග වලට පෙනී සිටින අයට එයින් ජය ලැබීමට නම් දැඩි ලෙස දිවා රෑ දෙකෙහිම උත්සහ දැරිය යුතුය. සමහර විට ඉගෙනීමට තද ආශාව නිසා යම් යම් ශාස්ත‍්‍රයන් ඉගෙනීමට ඉඩ ලැබේ. ඉගෙනීම් වලින් පහල යයි. විභාග වලට ශුභ කාලයක් නොවේ.
සෞඛ්‍ය
තමාගේ ශරීර සනීපය අඩු කරයි. උදරාබාධයකට හේතුවේ. වාත රෝග වැනි අසනීප වැළඳේ. අත්පා වල හිරිවාත ඇති වේ. ශරීරය උෂ්ණ අධික කරයි.
ශුභ දවස් :- ඉරිදා, සඳුදා, අඟහරුවදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා ශුභ අංකය :- 2, 7, 9
ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම් ශුභ මැණික් :- මුතු
සිංහ ලග්නය
ධනය
මුදල් ලාභ ලැබෙනවා ඇත. නොයෙක් ක‍්‍රම වලින් ලාභ ලැබෙනවා ඇත. පඩි වැඩි වීම් ඇතිවන කාලයයි. ආදායම වැඩි වීමට ඉඩ තිබේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට එයින් ලාභ උපදවා ගත හැකි වේ. ධන ලාභ ලැබේ. රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් වෙන කටයුතු ඇති වේ.
රැකීරක්‍ෂා
රැකී රක්‍ෂා වලින් උසස් වීම් ලැබේ. උත්සාහ වන්තව රැකී රක්‍ෂා කටයුතු කරගෙන ගිය හොත් තරමක සැනසිලිදායක තත්වයක් ලබා ගත හැකි වේ.
ගෘහජීවිතය
ප‍්‍රීතිමත් දුරබැහැර ගමන්, වන්දනා ගමන් යාමට සිදුවේ. ආගමික කටයුතු වලට මැදිහත් වන්නට සිදුවේ. භාර්යාවගේ හා ස්වාමි පුරුෂයාගේ පාර්ශවයේ අය සමඟ ආශ‍්‍රය උපකාර ලැබේ. පිට අය සමඟ පිටපලාත්වල අය හා කරන ගණුදෙනු වලින් ලාභ හා ප‍්‍රයෝජන ලැබේ. යහපත් ආහාරපාන වර්ගද ලැබේ. අලූත් දරු ශිෂ්‍ය ලාභ හෝ දරු ශිෂ්‍යන් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. රජයෙන් හා උසස් අයගෙන් වැඩිහිටි ඥාති මිත‍්‍රාදීන්ගෙන් සැලකිලි ලැබේ. අලූතින් ආරම්භ කරන වැඩද සපල තත්වයකට පත්වේ. නම ප‍්‍රසිද්ධ වේ. තත්වය උසස් වේ. ගෙවල් ඉඩම් හෝ ගෙවල් සෑදීමට අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ ආදිය පහසුවෙන් ලැබෙනවා ඇත. සතුරන්ගෙන් ජය ලැබේ. මිනිරන් හා පතල් වැඩ වලින් ආදී භූමියෙන් ලැබෙන වස්තුව ලැබෙන කාලයක් බැවින් ඒ ගැන වැඩට බැසීමට යහපත්ය. සමහර විට වැඩිහිටියන්ගෙන් දේපල පවා ලැබීමට ඉඩම් කුඹුරු ආදිය ලැබෙන කාලයකි.
රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට හිතට කරදර කයට දුක් පීඩා ඇති වේ. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් ඈත් වීම හෝ ඒ අයට මාරක තරම් අපල ඇති කරයි. වෙහෙසදායක ගමන් යාමට සිදු වේ. පහත් අයගේ ආශ‍්‍රය ඇති වන කාලයකි. නරක වැඩට ඇබ්බැහි වේ.
අධ්‍යාපනය
ඉගෙනීමේ යෙදී සිටින ශිෂ්‍යන්ට නම් මේ කාලයෙදී අලූත් උසස් ඉගෙනීම් වලට බැදෙන්නට සිදු වේ. විභාග වලින් ජය වේ. උසස් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේදී ඉගෙනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ. පියාටත් ගුරුවරුන්ටත් මේ කාලය ඉතා හොඳය. අලූත් උසස් ගුරුවරුන්, පූජකවරුන් ආශ‍්‍රයට ලැබේ. ඉතා වාසනාවන්ත කාලයකි. බොහෝ විට පිටපලාත් වල වාසයට හෝ පිට අය සමඟ ආශ‍්‍රය කිරීමට වාසනාව උදාකර ගත හැකිය.
සෞඛ්‍ය
ශරීර සනීපය යහපත් වේ. අසනීප වලින් සුවය ලැබේ. රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයගේ ශරීර සනීපය නැති වේ. සමහර විට ලෙඩ වේ. හෘදයාබාධ ඇති වීමට හේතුවේ.
ශුභ දවස් :- ඉරිදා, අඟහරුවදා, බදාදා, සිකුරාදා ශුභ අංකය :- 1, 4
ශුභ වර්ණ :- රතු ශුභ මැණික් :- පත්මරාග
කන්‍යා ලග්නය
ධනය
හවුල් ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර වලින්, සීට්ටු දැමීම ආදියෙන් පාඩු හා අලාභහානි සිදුවේ. සමහර විට අනුන්ගේ ධනය ලැබේ. නමුත් එය වැඩිකල් පැවතීමට හෝ එයින් සතුටු වීමට හැකි නොවේ. අධික වියදම් ඇති වේ. නිෂ්පල දෙයට වියදම් කිරීමට සිදුවේ. මිල මුදල් අතින් තද අවහිර කම් සහ මුදල් රඳන්නේ නැති ගතියක් ඇති වේ. සමහර විට ණය ගණුදෙනු වලට බැදෙන්නට සිදුවේ.
රැකීරක්‍ෂා
රැකීරක්‍ෂා වලින් පිට පලාත් වලට මාරු වීම් ලැබීමට සිදුවේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගයෙන් පසුව රැකියා උසස් වීම් හෝ රැකියාවේ තත්වය දියුණු වීම සිදු විය හැකිය. රැකියාවේ වැටුප් වේතන වැඩි විය හැකිය.
ගෘහ ජීවිතය
තමාට හෝ අඹුදරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇති කරන කාලයකි. රාජ දඬුවම් පවා ලැබෙන කාලයකි. ගමන් අධික වේ. කරගෙන ආ කටයුතු වලට අවහිර කම් ඇතිවන සාමාන්‍ය අවාසනාවන්ත කාලයකි. හදිසි අනතුරු චෝදනා අපවාද අපකීර්ති ලැබෙන කාලයක් බැවින් ඉතා ප‍්‍රවේශම්කාරී විය යුතුය. සතුරු උවදුරු ඇති වේ. බලාපොරොත්තු කඩවී යයි. තමා පිළිබඳ නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමඟ හෝ ආශ‍්‍රය කළ අය සමඟ ආරවුල් මතුවේ. නඩු වලින් පරාජය වේ. නරක සහ පහත් අයගේ ආශ‍්‍රය ඇති වේ. හිතවත් ඥාතීයකුගේ මරණය නියතයි. ස්ත‍්‍රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත‍්‍රීන් හා ආශ‍්‍රය නිසා අවුල් වියවුල් කලකෝලාහාල ඇති විය හැකිය.
රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයට සතුරන්ගෙන් ජය ලැබේ. මිතුරන්ගෙන් සහ ඥාතීන්ගෙන් උදව් උපකාරද සැලකිලිද ලැබේ. ද්‍රව්‍ය ලාභ ධාර්මික ලාභ ලැබේ. එහෙත් නින්දා ලැබෙන්නටද පුලුවන. සහෝදරයන් හෝ නෑනා මස්සිනාලා සමඟ අමනාපයක් හෝ ඈත් වීමක් විය හැකිය. දුර බැහැර පලාත් වල පදිංචියට යාමට සිදු වේ. උසස් අයගේ ආශ‍්‍රය ඇති වේ. මහජන ඡන්ද වලින් ජය ලැබේ.
අධ්‍යාපනය
ගුප්ත ශාස්ත‍්‍ර ආදී ඉගෙනීමට යහපත් වේ. වර්ෂය මැද භාගයෙන් පසුව ඉගෙනීම යෙදී සිටින ශිෂ්‍යන්ට අලූත් ධර්ම ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට හැකිවේ. තරඟ විභාග වලින් ජය ලැබේ.
සෞඛ්‍ය
අර්ශස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. නිදන්ගත රෝග සෑදීමට ඉඩ තිබේ. ශරීරය දුර්වල වේ. දත් සෙලවෙන්නට පටන් ගනී.
ශුභ දවස් :- බදාදා, බ‍්‍රහස්පතින්දි, සිකුරාදා ශුභ අංක :- 2, 3, 5, 7
ශුභ වර්ණ :- කොළ ශුභ මැණික් :- පච්ච, ගෝමේද
තුලා ලග්නය
ධනය
බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. සෑම කරදරයකින්ම ධන හානි අධික වේ. වැඩකට නැති දෙයකට වියදම් වේ. තමාගේ ධනය අනුන් විසින් පැහැරගනු ලැබේ. ආදායම් මාර්ග අවහිර වේ. අන්අයට දුන් මුදල් ආපසු නොලැබේ.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂාවල නිරත වන අයගේ මහන්සියේ තරමට පඩි නොලැබී යාම හේතු වේ. තම හැකියාවේ හා දක්‍ෂකමේ ප‍්‍රමාණයට තනතුරු හා උසස් වීම් නොලැබේ. ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂය මැද භාගය දක්වා රැකීරක්‍ෂා වලින් තරමක දියුණුවක් දැක ගත හැකිය.
ගෘහ ජීවිතය
තදලෙස සිතට කරදර ඇතිවේ. නම නරක් වේ. තිබුණු ප‍්‍රසිද්ධිය නැතිවී යයි. සමාජයේ පිළිගැනීම අඩුවේ. උසස් අයගෙන් තමාට විපත්ති ඇති විය හැකි බැවින් මේ කාලයේදී එවැනි අය හා හැකිතාක් දුරින් ආශ‍්‍රය කල යුතුය. සමහර විට පවුලේ අයගෙන් වෙන් වීම නියතයි. මේ කාලයේ නඩු හබ ඇති වුවහොත් පරාජයට පත් වේ. එනිසා මේ කාලයේ නීතියේ පිහිට සොයා යාම යෝග්‍ය නොවේ. දේපල පිළිබඳ කරදර පවුලේ අසමගිය හෝ අනියම් කම්සැප සෙවීම ආදිය ඇති වේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞී බිඳී ගොස් අලූත් විවාහ ගිවිසුම් ඇති වේ. ශරීරයේ නිතර කුණු ගෑවේ. සමහර විට ගබ්සා සිදු විය හැකි බැවින් ගර්භනී කාන්තාවන් විශේෂයෙන් ප‍්‍රවේසම් විය යුතුය. තමා සතු දේපල පැටලිලි මතුවන බව පෙනෙන්නට තිබේ. ශරීරය මහලු ස්වභාවයක් පෙන්නුම් කරයි.
ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගය දක්වා දරු ශිෂ්‍ය ලාභ ලැබීමට නියමිතය. සිතට කයට සැප ගෙන දෙන කාලයකි. සාමාන්‍ය දියුණුවකට මග පෑදේ. නැතිවූ වස්තුව නැවත ලැබේ. භාර්යාව හා ස්වාමි පුරුෂයා සමග වාසනාවන්ත හිතවත්කම් පවත්වා ගත හැකිය. අලූත් ස්ත‍්‍රීන් ආශ‍්‍රයට ලැබේ. හොඳ ආහාරපාන වර්ග සංග‍්‍රහ ලැබේ. ඥාණය වැඩි දියුණු වේ. විවාහයට හොඳම කාලයක් වේ.
අධ්‍යාපනය
ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට අලූත් ඉගෙනීම් වල බැදෙන්නට හැකි වේ.
සෞඛ්‍ය
ශරීරයේ බර අඩුවේ. අසනීපයන් වැළඳුනහොත් සුව වීම ප‍්‍රමාද වේ. හෘදයාබාධ, වාතාබාධ ඇති අයට වෙනත් නරක රෝග එයින් මතුවීමට හැකිය. විශේෂයෙන් ස්ත‍්‍රීන්ට නිතර පීඩා ගෙනදෙන අසනීප වැළඳෙන්නට ඉඩතිබේ. පාදයක ආබාධයක්ද මේ කාලයේ ඇති විය හැකිය.
ශුභ දවස් :- අඟහරුවාදා, බාදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංකය :- 6
ශුභ වර්ණ :- සුදු, ක‍්‍රීම්, අයිවරි වර්ණ ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්
වෘශ්චික ලග්නය
ධනය
ස්වල්ප වශයෙන් මිස වැඩිපුර ලාභ නොලැබේ. ලාභ අඩුවෙන් ලැබෙන කාලයකි. වියදම් අධික වේ. නිකරුනේ වියදම් යන කටයුතු ඇතිවේ. මිල මුදල් හානි වේ. ආදායම් මාර්ග වැසී යයි. දැන දැන නිශ්ඵල දෙයට වියදම් කිරීමට සිදුවේ.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂා කටයුතු වල තත්වය වෙනස් වේ. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා ප‍්‍රවේසම් සහිතව ඥානාන්විතව කටයුතු නොකලහොත් බංකොලොත් වීමට ඉඩ තිබේ. වාහන වලින් ජීවිකාව කරගෙන යන අයට හදිසි අනතුරු සහ අලාභ හානි සිදු විය හැකිය.
ගෘහජීවිතය
භාර්යාවගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් හෝ අන්‍ය හිතවතුන්ගෙන් තම සිතට ප‍්‍රීතියක් ඇති නොවේ. ගෙදර තම සිත් අසතුටට යෙදෙන කටයුතු ඇති වේ. කණගාටුදායක අවාසනාවන්ත තනි වූ කාලයක් වේ. නමුත් මේ කාලයේ ප‍්‍රයෝජනවත් වැඩ වල යෙදිය හැකි වේ. සතුරන් සමඟ හෝ ආශ‍්‍රය කළ හිතවතෙක් සමඟ අවුලක් හෝ අමනාපවීමක් සිදුවේ. සිතට කයට සැප ඇති කරන දේවලින් ඈත් වීමට හෝ ඒවා නොලැබීමට හේතු වේ. තම දරු ශිෂ්‍ය ආදීන් සිටිනවා නම් ඔවුන්ට අසනීප හෝ ඔවුන්ගෙන් ඈත් වීමට සිදු වේ. පලාත හෝ ස්ථාන වෙනස් වීමට ද ඉඩ තිබේ. මෙහෙකරුවන් ලවා වැඩ ගැනීමට ලැබේ. තිරිසන් සතුන්ගේ ලාභ ලැබේ. නැදිමයිලන්ගේ ආශ‍්‍රය හා උපකාර ලැබේ. හදිසි අනතුරු වලින් ප‍්‍රවේසම් විය යුතුය. ජීවත් වීම පවා සැක සහිත වේ. හිතවත් වැඩිහිටියකුට මාරක ඇති කල හැකිය. රහස් ආදර බන්ධන පවත්වාගෙන යන අයට තද බල නින්දා අපහාස වලට හසු වීමටත් එම ආදර බන්ධන කැඞී බිඳී යාමටත් හේතු වේ. මේ කාලයේ නඩුහබ වලට පැටලී සිටින කෙනෙකුට නම් නීතියත් තමාගේ අවාසියකට හේතුවීම සිදුවේ. වැඩිහිටි අයගේ සාක්ෂි වැරදීම නිසා පරාජයට පත්වී විරුද්ධකරුවන්ගේ අලාභ හානි පවා ගෙවීමට සිදුවේ. දේශපාලඥයින්ගේ වැඩ පිළිවෙල නොපිටට පෙරලයි. අමුතු අනාගතයකට මුහුණ දෙන්නට සිදුවේ. ජීවිතයේ බරපතල විපර්යාසයකට පෙරළේ. සමහර විට තිබුණු වාසනාවන්ත තත්වය අහිමි විය හැකිය. සිතට බය ඇති වන කාලයක් වේ. රජයෙන් අගෞරව හිරිහැර තර්ජන ආදිය විදින්නට ලැබේ. දුෂ්ට ස්ත‍්‍රීන් හා ආශ‍්‍රයට වැටීම නිසා නින්දා අපහාස ධන හානි සිදු විය හැකිය.
අධ්‍යාපනය
මේ කාලය තුල විභාග වලින් පරාජය වීමට අසමර්ථ වීමට ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උනන්දුවෙන් ක‍්‍රියාකල යුතුය. නමුත් අලූත් දේ ඉගෙනීමට ලැබේ.
සෞඛ්‍ය
ශරීර ආබාධ වලට හේතුවන කාලයකි. කැඩුම් බිඳුම් වැටීම් ආදිය නිසා ශරීරයෙහි තුවාල සාදන්නට පුලුවන. ශරීරයෙහි සහ මුහුණේ ලප මතුවේ. ඇතැම් අයගේ මුහුණේ නොමැකෙන තුවාලයක් සාදන්නට ඉඩ තිබේ. තදබල අංශභාග රෝග, සිහි මද රෝග, හිරිවාත අංග විකල වීමේ රෝග ආදිය පවා හැදෙන්නට ඉඩ තිබේ. හිසේ ආබාධ සහ සෙම් රෝග ඇති විය හැකිය.
ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා ශුභ අංක :- 1, 2, 4, 5, 7
ශුභ වර්ණ :- රතු ශුභ මැණික් :- රතු මැණික්, රතු කොරල්
ධනු ලග්නය
ධනය
නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ ලැබේ. ආදායම හොඳ වේ. විශේෂයෙන් වෙළඳ ව්‍යාපාර වලින් හොඳ ලාභ ලැබේ. ඉඩම්, ගෙවල්, වතුපිටි, ආදියෙන් උපදින ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට එයින් ලොකු ලාභ ලැබේ. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභ ලැබෙනවා ඇත. භූමියෙන් ලැබෙන ලාභද, මිණිරන් පතල්, භූමිතෙල් වෙළදාම් අයට, ලී, ගඩොල් වෙළඳාම් කරන අයට විශේෂ ලාභ ප‍්‍රයෝජන ලැබෙනවා ඇත.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂා වලට හා උසස් නිලතල වලට පත් වේ. රැකී රක්ෂා තනතුරු වලින් උසස් වේ. අහිමිවී ගිය රැකී රක්‍ෂා සහ තනතුරු නැවත නියමාකාරයෙන්ම ලැබේ. රැකියාවලින් තමාට ප‍්‍රධානත්වයක් හිමි වේ. උසස් නිළධාරින්ගේ ආධාර උපකාර ලැබේ. තමාගේ සුදුසුකමට සරිලන රැකියා තනතුරු ලැබේ.
ගෘහජීවිතය
යහපත් උසස් දරු ශිෂ්‍යන් ලැබේ. වැඩ කටයුතු සිද්ධ වේ. නැවතී තිබුණු වැඩ කටයුතු නැවත පටන් ගැනේ. වාසනාවන්ත තැනකට හෝ තත්වයකට යාමට ඉඩ ලැබේ. දියුණුවට මඟ සැලසේ. අදහස් හා බලාපොරොත්තු ඉෂ්ට වේ. ඇඳුම්, පැළඳුම්, අලංකාර වස්තුව ලැබේ. පුරුෂයන්ට ප‍්‍රියකරු ස්ත‍්‍රීන් සමඟද ආශ‍්‍රය හා සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන් පරාජය වේ. සතුරන්ට වඩා තම තත්වය උසස් වේ. යහපත් වැඩ කරුවන් හා හිතවත් ආධාර කරුවන් ලැබේ. අනාගත දියුණුවකට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. ගෙදර වාසනාවන්ත ප‍්‍රීති උත්සව පවත්වන්නට ලැබේ. ප‍්‍රසංශා ලැබේ. දරුවන් සිටින අයට ඔවුන්ගේ උසස් වීම්ද, ගුරුවරුන්ට වාසනාවන්ත කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබීමද, ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. තරුණ තරුණියන්ට රහස් ආදර බන්ධන ඇති කර ගැනීමට කාලය වේ. සම්පූර්ණ ගෙහිමියෙක් වශයෙන් අයිතිවාසිකම්ද ඇතිව තම බලය පැවැත්වීමට ඉඩ ලැබේ. ප‍්‍රධානත්වයක්ද ලැබේ. දේශපාලයෙහි යෙදුන අයගේ විශේෂ දියුණුවක් ඇති කරන කාලයකි.
රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට නිතර පාහේ කණාගාටු දායක වූ සිත් තැවුල් ඇති කරන්නා වූ කටයුතු සිදු වේ. හිතවත් ඥාතියකුට හෝ මිත‍්‍රයකුට හෝ මාරක අපලයක්ද නියතයි. උසකින් හෝ වාහන වලින්ද වැටීමට ඉඩ තිබේ. තමාගේ නමට අගෞරවය ලැබීමට ඉඩ තිබේ. සොර භය ඇති වේ.
අධ්‍යාපනය
විභාග වලින් තරඟ වලින් ජය ලැබේ. ඉගෙනීම් ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගෙනීම් වලට බැදෙන්නට සිදු වේ. ඉගැන්වීම ආරම්භ කෙරේ. ඥාණය වැඩි දියුණු වන අධ්‍යාපන කටයුතු වලට යහපත් කාලයක් වේ.
සෞඛ්‍ය
ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශරීරය පෘෂ්ටිමත් වේ. රාහු මහ දශා අතුරු දශා ගත කරන අයගේ ශරීර සනීපය දුර්වල කරයි. ඇස්වල ආබාධයකටද ඉඩ තිබේ.
ශුභ දවස් :- බදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 3, 5, 6, 8
ශුභ වර්ණය :- කහ ශුභ මැණික් :- පුෂ්පරාග
මකර ලග්නය
ධනය
තම ආදායම අඩු වන බැවින් ණයතුරුස් වැඩි විය හැකිය. වියදම අධික කරයි. ධන හානි ඇතිවන කාලයකි. විකිණීම සඳහා මිලයට ගන්නා දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳ විශේෂ ලාභ ලැබේ.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂා හානි විය හැකිය. සමහර විට රක්‍ෂාවෙන් අස්වීමට හෝ විශ‍්‍රාමගැනීමට සිදුවන කාලයකි. ආදායම අඩු වේ. රැකී රක්ෂා තනතුරු වලින් පහතට වැටේ. උසස් වීමට බාධාවන ආකාරයේ සහ රැකී රක්‍ෂා වලට නොයෙක් ගැටලූ පැටලිලි මතුවේ. නමුත් අලූත් රැකී රක්‍ෂා වලට බැදෙන්නට සිදුවන කරුණු සිදුවේ. රාහු මහ දශා අන්තර් දශා ගතකරන අයට ලාභ ප‍්‍රයෝජන වැඩි වීමට පටන් ගනී. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල් ලැබෙන්න පුලුවන.
ගෘහජීවිතය
තිබුණු ගෞරවය නැති වී යයි. බලාපොරොත්තු අදහස් සුන් වේ. නෑදෑයන්ගෙන් කරදර මතුවේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයකි. ගෙදර දොර වාසය අප‍්‍රිය වේ. ගෙදරින් පිටවී යාමට සිතෙයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. ඥාතීන් සමග අවුල් වියවුල් මතුවේ. දේපල පිළිබඳ පැටලිලි මතුවේ. සමහර විට නඩුහබ පවා පැටලෙන්නට ඉඩ තිබේ. මේ අතරම මවුපියන්ට යහපත සැලසීමට හැකි වේ. නිවාස ගොඩනැගිලි වැඩක් ආරම්භ වේ. වාහන ලාභ හෝ වාහන ගමන්ද අධික වේ. මංමුලාවන කාලයක් බැවින් හොඳ සිහිකල්පනාවෙන් සහ පරිස්සමින් ක‍්‍රියා කල යුතුය. තමාට අයත් යම් යම් ද්‍රව්‍ය වර්ග විනාශ වේ. මේ කාලයේදී විවාහ සහකාරයෙක් සොයා ගැනීම අවසානයේදී රැවටීමකට හේතු වේ. දරු ශිෂ්‍ය ලාභ වලට ඉඩ තිබේ. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලුවන. වැඩිහිටියකුට මාරක අපලයක් සිදුවේ.
රාහු මහදශා අන්තර් දශා ගත වන අයට කලින් තිබුණු තත්වයට වඩා දියුණුවක් සැලසේ. අලූත් ඇඳුම් පැළඳුම් රෙදිපිළි වර්ග ලැබේ. ස්ත‍්‍රීන්ට පුරුෂයන් සමගද මිත‍්‍රවීමට ඉඩ ලැබේ. විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඉඩ තිබේ. ප‍්‍රසිද්ධිය ඇති වේ. පවුලේ දියුණුවට හේතු වේ. ප‍්‍රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ.
අධ්‍යාපනය
ඉගෙනීම් වල බැඳීමට හෝ විභාග වලින් ජය ලැබීමට හැකි වේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඞී බිඳී යයි. යකඩ යන්ත‍්‍ර සූත‍්‍ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගෙන ගැනීමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය
ශරීරාබාධයක් මතුවිය හැකිය. ලේ වැඩිකම හෝ රත්පිත ගතිය මතුවේ. විශේෂයෙන් හෘදයාබාධ සහ දනහිස් වල ආබාධ වලට ඉඩ තිබේ.
ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 6, 8, 9
ශුභ වර්ණ :- නිල් ශුභ මැණික් :- නිල් මැණික්
කුම්භ ලග්නය
ධනය
ධන ලාභ ලැබෙන නමුත් එය වහා නැති වේ. වියදම් අධික වේ. තිබුණු මුදල් ප‍්‍රමාණය අඩු වේ. බැංකු තැන්පත් වල මුදල් අඩු වේ. ප‍්‍රයෝජන නැති දේවල් වලට වියදම් කරන්නට සිදු වේ. මුදල් හිඟ කාලයක් වේ. ණය වීමට ඉඩ තිබේ. ධන හානියට බොහෝ ඉඩකඩ ඇති හෙයින් වස්තුව ආරක්‍ෂා කරගත යුතු වේ.
රැකී රක්‍ෂා
රැකී රක්ෂා වල ස්ථාන වෙනස් වීමට හේතු වේ. අලූත් වැඩකට හෝ රක්‍ෂාවකට යාමට සිදු වේ. රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්‍ෂා වලට තරමක් හොඳ වේ.
ගෘහජීවිතය
ස්ථාන වෙනස් වීමක් හෝ ගෙදරින් පිට වීමක් හෝ නිතර නිදා ගන්නා තැන වෙනස් වීමක් නියතයි. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ඇති වේ. සමහර විට රාජ දඞුවම් පවා ලැබෙන්නට ඉඩ තිබෙන කාලයකි. තමා කරගෙන ආ කටයුතු වලට බාධා සිදු වේ. හිතවතුන්ගේ උපකාර ලැබේ. පිනට දහමට අකමැති වේ. නමුත් දේව භක්තිය වැඩි වේ. මව්පිය වැඩිහිටියන්ගේ හෝ ගුරුවරුන්ගේ අසනීප ආදී කරදර නිසා සිතට දුක් දෙන්නටද ඉඩ තිබේ. සමහර විට ඥාතියෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියතයි. දරු ශිෂ්‍ය ආදීන්ටද විවාහයෙන් පසු ලැබුණු ඥාතීන්ටද අපලදායක කාලයකි. සහෝදරයන් සමඟ විරුද්ධ වීමටද ඔවුන්ට අපලද නියතයි. නරක සිරිත් විරිත් වලට ඇබ්බැහි වේ. තිබුණු ගෞරව සැලකිලි නොලැබී යයි. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑම බීම නිතර පාහේ ලැබීමට සිදු වේ. සොර සතුරන් ඇති වේ. නිතර වාහන වලින් ගමන් ඇති වේ. තමාගේ දිනපතා කරගෙන ආ වැඩ පිළිවෙල වෙනස් වේ. සිතට දුක ඇති වේ. නොතේරුම් කම නිසා වැරදීම් ඇති වීමෙන් අලාභහානි කරදර සිදුවේ. අවාසනාවන්ත දායක ගමන් බිමන් යනවා ඇත. උසස් අයගෙන් හෝ තම ස්වාමියා සමග ආරවුල් ඇති වේ. එසේම වැඩකරුවන්ගෙන් සහ තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර සහ හිරිහැර ඇති වේ. මනුෂ්‍ය ගුණධර්ම හීන වී යයි. කේලාම් ඕපදූප නිසා සිත් තැවුල් ඇති වේ.
අධ්‍යාපනය
විභාග වලින්, තරඟ වාද විවාද වලින් පරාජයට පැමිණේ. ඉගෙනීමේ කටයුතු වලට බොහෝ බාදා සිදුවිය හැකිය.
සෞඛ්‍ය
ශරීර සනීපය යහපත් නොවේ. අසනීපයක් තිබුණේ නම් එය උග‍්‍ර වේ. පපුවේ වේදනාවක් සෑදේ.
ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 3, 8, 9
ශුභ වර්ණ :- රතු , නිල් ශුභ මැණික් :- කාක නිල
මීන ලග්නය
ධනය
මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩි වේ. පඩි වැඩි වේ. වෙළහෙළඳාම් වලින් ලාභ ලැබේ.
රැකී රක්‍ෂා
රැකී රක්‍ෂා වලින් උසස් වේ. අලූතෙන් රැකී රක්‍ෂා ලැබීමට හැකි වේ. සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයගේ රැකීරක්‍ෂා තනතුරු පහත වැටේ.
ගෘහජීවිතය
ගුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට වර්ෂයේ මැද භාගය දක්වා ගරුනම්බු ලැබේ. සැපවත් කාලයකි. රසවත් කෑම්බීම් සංග‍්‍රහ ආදිය ලැබීමට පුලුවන. ගෙදර කෑමබීම ආදියෙන් වඩා හිඟතාවයක් ඇති නොවේ. උත්සව බලන්නට යාමට හෝ උත්සව පවත්වන්නට සිදුවේ. ඥාතිමිත‍්‍රාදීන්ගෙන් උපකාර සහ ඔවුන් තමා සොයාගෙන එයි. සතුරන්ගෙන් ජය ලැබේ. සිතට ප‍්‍රීතියක් සැනසීමක් ලැබෙන කාලයකි. පවුලේ පිරිස වැඩිවීමක් හෝ සමහර විට දරු උපතක් ඇති වේ. සුදුසු වයසේ නම් විවාහයක් හෝ කම්සැප ලාභ හෝ ස්ත‍්‍රී සැප ඇති වේ. හිතවතුන් හිතවතියන් සමග ප‍්‍රියසම්භාෂනයේ යෙදීමට අවස්ථාව ලැබේ. විවාහ වූ අයට නම් තම බිරිඳට ස්වාමියාට සැප ලැබෙන කාලයකි.
රාහු සෙනසුරු මහ දශා අන්තර් දශා ගත කරන අයට ගමන් බිමන් වලදී කරදර බාධා ඇති වේ. නීතියෙන් හිරිහැර ඇති වේ. මව්පිය වැඩිහිටියකුට හෝ ගුරුවරයෙකුට ඥාතියකුට මාරක නියතයි. ජීවිතයේ අමුතුම පරිච්චේදයක් පෙරලන්නට පුලුවන. තිබුණ ගෞරවය නැති වී යයි. පිනට අකමැති වේ.
අධ්‍යාපනය
විභාග වලින් ජය ලැබේ. අලූත් ශාස්ත‍්‍ර ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ. රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති විය හැකිය. එසේම කලක සිට කරගෙන ආ ශාස්ත‍්‍ර අතහැර දමා අමුතු ශාස්ත‍්‍රයකට යොමු වීමට ඉඩ තිබේ.
සෞඛ්‍ය
ශරීර සනීපය ඇති වේ. සෙනසුරු රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයට හෘදයාබාධ, ලේදෝෂ, ලේ හිඟවීම්, ලේ විෂ වීම්, අර්ශස් ආබාධ, මලපහ වීමේ දෝෂ, ආදී රෝග ආදිය සෑදෙන්නට ඉඩ ඇත.
ශුභ දවස් :- අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා ශුභ අංක :- 3, 9
ශුභ වර්ණ :- රතු, කහ ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි
සැලකිය යුතුයි.
ඉහත දක්වා ඇති සියලුම පලාපලයන් එකී ලග්නයන් පදනම් කොට ගෙන පොදුවේ ඉදිරිපත් කරන ලද ඒවා බවත් ඔබගේ උප්පත්ති කේන්දරයේ ( ජන්ම පත්‍රයේ ) ග්‍රහ පිහිටීම් සහ අනෙකුත් ග්‍රහ ගෝචර වලට අනුව එම පලාපලයන් වෙනස් විය හැකි බවත් කරුණාවෙන් සලකන්න.
