ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය ඊ - මේල් මාර්ගික පාඨමාලාව

ජ්‍යොතිෂය පිළිබඳ කිසිම දැනුමක් නැති කෙනෙකුට වුවද ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය මුල සිට උගන්වා අංග සම්පූර්ණ දැනුමක් ලබා දීම මෙම ඊ - මේල් මාර්ගික පාඨමාලාවේ අරමුණ වේ. මෙය ජ්‍යොතිෂ දැනුම නොමැති කෙනෙකුට මුල සිට දැනුම ලැබීමටත්, දැනට ජ්‍යොතිෂය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙකුට අංග සම්පූර්ණ දැනුමක් ලබා ගැනීමටත් හැකි පාඨමාලාවකි.

ජ්‍යොතිෂය ඉගෙන අවසාන වී ඔබ ජ්‍යෙතිෂ කටයුතු කිරීමේදී ඔබ සකස් කරන හඳහන, නැකත නිවැරදිව ගැණ ගත්තාදැයි සැක හැර දැන ගැනීමටද ඔබ සකස් කරන කේන්ද්‍රයේ ලග්නය, නවාංශකය, දශා ශේෂය නිවැරදි දැයි බලා ගැනීමට හැකි අභිරහස් අප ඔබට කියාදෙන බැවින්, ඔබ ආධුනික වුවද, ප‍්‍රවීණයකු මෙන් කටයුතු කිරීමට හැකියාව සැලසේ. ලිතක් නැතිව ඕනෑම වර්ෂයක ඕනෑම දවසක උපන් කෙනෙකුගේ උපන් වෙලාව අසා මොහොතින් ලග්නය කියන ලග්න පළිඟුව හෙවත් පුදුම ලග්න චක‍්‍රය, මිනිත්තුවෙන් නවාංශකය සොයන අභිරහස් ක‍්‍රමය, දශා ශේෂය සොයන ලෙහෙසි පහසු ක‍්‍රමය, පලාඵල කියන හැටි, සුභ නැකත් සාදන, විසි පොරොන්දම් බලන ක‍්‍රමය, මල්වර පලාඵල කථනය ආදී ජ්‍යොතිෂමය කරුණු පිළිබඳව අංග සම්පූර්ණ දැනුම ලබා දෙන පුදුම රහස් පාඩම් ආදියෙන් පිරිපුන්ව කිසිම පොතපතක දැකීමට නැති වටිනා චක‍්‍ර සටහන්, අභිරහස් ආදියෙන් ජ්‍යොතිෂ පාඩම් මාලාව පිරී ඉතිරී ඇත. සියලූම ගුරු මුෂ්ටි නොසඟවා හෙළිකර තිබේ.

01. කාටත් සුදුසු පාඨමාලාවකි.

අනාගත රැකියාව වශයෙන් ජ්‍යොතිෂය තෝරා ගැනීමට බලාපොරොත්තු නොවන අයෙකුට වුවද විනෝදාංශයක් වශයෙන් මෙම ජ්‍යොතිෂ පාඨමාලාව නිවැරදිව ඉගෙනීමෙන් තම දැනුම සහ බුද්ධිය දියුණු කර ගැනීමට සහ ජ්‍යොතිෂයේ සත්‍යතාවයද අවබෝධ කර ගැනීමට හැකිවේ. එමෙන්ම, අනාගතයේ ජ්‍යොතිෂය තම රැකියා මාර්ගය හෝ අමතර ආදායම් මාර්ගයක් කර ගැනීමට බලාපොරොත්තු වන කෙනෙකුට මෙම ඊ - මේල් මාර්ගික පාඨමාලාව හැදෑරීමෙන් ජ්‍යොතිෂ සේවා කාර්යාලයක් ආරම්භ කිරීමේ හැකියාවද ලැබේ.

02. ජ්‍යොතිෂ පාඩම් මාලාව

සම්ප‍්‍රදායානුකූල ජ්‍යොතිෂ ක‍්‍රම සමඟ ඉන්දියානු ජ්‍යොතිෂ සිද්ධාන්ත හා ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි රටවල ප‍්‍රචලිත ජ්‍යොතිෂ මත ද, පර්යේෂණ වලින් ලැබූ අත්දැකීම් තුළින් නවීන කාලයට ගැළපෙන අංගසම්පූර්ණ පාඩම් මාලාව සූදානම් කර ඇත. වරහ මිහිර, පරාශර, ශ‍්‍රී අවවමදර්ශී, කල්‍යාණ, චර්ම, ජෛමිනි, රාමන්, ක‍්‍රිෂ්ණමූර්ති, ලහිරි, රෆායෙල්, ඇලන් ලියෝ, ටනර් ආදී පෙර අපර දෙදිග ප‍්‍රකට ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් මෙම පාඩම් මාලාවට ඇතුළත් කර තිබේ. ජ්‍යොතිෂ පාඨමාලාවට පාඩම් 24ක් අඩංගු වේ. ප‍්‍රශ්න පත‍්‍ර 12ක් සමඟ නිවැරදි පිළිතුරු සහිත විසඳුම් පත‍්‍ර 12ක් ද ලැබේ.

03. විෂය නිර්දේශය

ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය මුල සිට (ජ්‍යොතිෂ හෝඩියේ සිට) ඉහළට අංග සම්පූර්ණ ඉගෙනීමක් මෙම පාඩම් මාලාව මගින් සිසුන්ට සපයා දෙනු ලැබේ. පංචාංග ලිත කියවීම, කේන්ද්‍ර සෑදීම, පලාඵල කීම, නැකැත් බැලීම, පොරොන්දම් පරීක්ෂාව, මල්වර පලාඵල පැවසීම, ශාන්තිකර්ම ආදී දෛවඥයකු දැනගත යුතු සෑම කාරණයක්ම ගැන සම්පූර්ණ දැනුම ඔබට ලබා දෙන්නෙමු.

04. රහස්/ගුරු මුෂ්ටි

ජ්‍යෙතිෂ රහස් හෝ ගුරු මුෂ්ටි වශයෙන් කිසිවක් අප ඔබෙන් සඟවන්නේ නැත. සියලුම ජ්‍යොතිෂ රහස් හෙළි කරන්නෙමු.

05. කට පාඩම් කිරීමට නැත. ගණිත ගැටලු නැත.

අපේ පාඩම් සරලයි. කෙටි ක‍්‍රම අඩංගුයි. පැරණි ක‍්‍රමයට කට පාඩම් කිරීමට නැත. ගණිත ගැටලු වෙනුවෙන් කාලය යෙදවීමට අවශ්‍ය නැත. සෑම දෙයකම සටහන් හා චක‍්‍ර මගින් සපයා දෙන බැවින් ඔබට ප‍්‍රශ්නයක් - ගැටලුවක් ඇති නොවී අවශ්‍ය පිළිතුරු/උත්තරය මොහොතකින් බලාගත හැක. නවීන ඉගැන්වීම් ක‍්‍රම උපයෝගී කරගෙන ජ්‍යොතිෂය මුල සිට අගට අප ඔබට දැනුම, අවබෝධය ලබා දෙන්නේ ඔබට විනෝදයක් සතුටක් ඇතිවන පරිදිය.

  ඉගෙනීමේ ක‍්‍රමය ගතවන කාලය (මා) මසකට අයකිරීම
01 සාමාන්‍ය ක‍්‍රමය 24 රු. 2500.00
02 විශේෂ ක‍්‍රමය 12 රු. 5000.00

මෙම පාඨමාලාවට මාසිකව ගාස්තු ගෙවීමේදී වැයවන මුලු ගාස්තුව රු. 60000.00 කි. නමුත් එකවර මුලු ගාස්තුව ගෙවන්නේ නම්, ඕනෑම ක‍්‍රමයකට මුලු ගාස්තුව රු. 57500.00 ක් පමණි. ඔබට රු.2500.00 ක ලාභයක් ලැබේ.

(එකවර සම්පූර්ණ මුදල ගෙව්වත්, සියලූම පාඩම් එකවරම ලබාගත නොහැකිය. මාස 24 හෝ මාස 12 ක‍්‍රමයට මාස්පතා ලබාගත යුතුයි)

07. ඉගැන්වීමේ පටිපාටිය.

නියමිත කාල සටහනක් අනුව ඊ-මේල් මගින් පාඩම් නිකුත් කරන්නෙමු. පාඩමක් හැර පාඩමක් පාසා ඇති ප‍්‍රශ්න පත‍්‍ර මගින් සිසුන් ස්වයං ප‍්‍රායෝගික පුහුණුවකට යොමු කෙරේ. සිසුන් වෙත සපයනු ලබන විසඳුම් පත් මගින් සිසුන්ගේ දුර්වල කම්, අඩුපාඩු සකසා ගැනීමේ හැකියාව ලැබේ.

08. ඉගෙනීමට ඇතුලත් වීම

ඔබ පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන බව දන්වා එවූ විට ඒ සමග එවන අයදුම්පත සම්පූර්ණ කර පලමු මාසයේ ගාස්තුව හෝ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව සමග එවා ඉගෙනීම ආරම්භ කල හැකිය.

09. මුදල් ගෙවීම

බැංකු තැන්පතු මගින් හෝ ඔබට පහසු ඕනෑම ක්‍රමයක් මගින් මුදල් ගෙවිය හැකිය.

විමසන්න.

සිලෝන් ඇස්ට්‍රෝ,

අංක 6, 3 වැනි පටුමග,

මාලිගාව පාර, රත්මලාන, ශ්‍රී ලංකාව.

ස්ථාවර දුරකතනය +94 (0) 112 638 438

ජංගම දුරකතනය +94 (0) 773 48 49 11

ඊ-මේල් ceylonastro@sltnet.lk