සියලූ උවදුරු දුරුවී - සම්පත උදා කරන

"මහානුභාව සම්පන්න රත්නමාලි යන්ත්‍රය"

ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ, පදවන වාහනයේ සවි කර ගන්න.



ප්‍රමාණය මිල
අඟල් 5.5 X 5.5 (විශාල) රු. 3000.00
අඟල් 4 X 4 (මධ්‍යම) රු. 2000.00
අඟල් 2.5 X 2.5 (කුඩා) රු. 1000.00
  • ඔබගේ අවශ්‍යතාව පරිදි අශ්‍යය ප්‍රමාණ වලින්ද නිමවා ගත හැකිය.
  • දෙස් විදෙස් ඕනෑම අයෙකුට තැපැල් මාර්ගිකව (තැපැල් ගාස්තුව සහිතව) ගෙන්වා ගත හැකිය.
  • මුදල් ගෙවීම බැංකු තැන්පතු මගින් හෝ ඔබට පහසු ඕනෑම ක්‍රමයක් මගින් ගෙවිය හැකිය.

විමසීම්
සිලෝන් ඇස්ට්‍රෝ,
අංක 6, 3 වැනි පටුමග,
මාලිගාව පාර, රත්මලාන, ශ්‍රී ලංකාව.
ස්ථාවර දුරකතනය +94 (0) 112 638 438
ජංගම දුරකතනය +94 (0) 773 48 49 11
ඊ-මේල් ceylonastro@sltnet.lk

 

මේ මහානුභාව සම්පන්න, ඉතා අනර්ඝ ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ‍්‍රී දළදා මැදුරේ සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ඝ ගාථා රත්නය මාතලේ අලුවිහාරයේ පුස්කොල පොත්වල ලියා නිධන් ගතකොට ඇත.

බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්‍ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ‍්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ‍්‍රවණය කිරීමෙන්, දර්ශණය වීමෙන් ත‍්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලුම දුක්, භය, රෝගයන් නැසී සියලූ සම්පත උදා වේ.

ඉතා භක්තියෙන් යුතුව නුවණින් පදරුත් විමසමින් මෙම ගාථාව මධුර ස්වරයෙන් කීම බුද්ධානුස්සතියක් වන්නේය. ධම්මානුස්සතියක් වන්නේය. සංඝානුස්සතියක් වන්නේය. කෙටියෙන්ම කියතොත් භාවනාවක් සේ වන්නේය.

රටට සෞභාග්‍යය උදා වේවා, සියලූ උවදුරු දුරු වේවා. සියලූ දෙනාගේම ප‍්‍රඥාව වැඩිවී අවිහිංසාව පැතිරේවා. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.!!!

යන්ත‍්‍රය කියවන අයුරු

මැද ඇති "සං" යන පදයෙන් පටන් ගෙන කුඩා මල් පෙත්තෙහි සිට ඉරක් ඇඳි ආකාරයෙන් එහි එක මත එක ඇති අකුරු කියවා, ඒ ඔස්සේම ඇති විශාල මල් පෙත්තේ ඇති අකුරු කියවා, නැවත ඊට යට පළමු කියවූ මලට දකුණු අත පැත්තේ ඇති කුඩා මල් පෙත්තේ අකුරු කියවා, නැවත "සං" දක්වා පැමිණිය යුතුය. මෙසේ දක්ෂිණාවර්ථව කියවීමෙන් ගාථා තුනම යන්ත‍්‍රය තුළින්ම කියවා ගත හැක.

ගාථාව

සං සං සාර සාරෝඝ විනීත ණී සං
සං සං ණීත සාතං සුචිසාර ධි සං
සං ධීරකං සෝණ්ණ තනු පලා සං
සං ලාප දෙසිං පණමෙහි සා සං

සං සාභිගං කේවළ මොහ නා සං
සං නාහකං මාර රණෙ විසෙ සං
සං සේවිතං දාසි මුදරා හා සං
සං හාර ධම්මං පණමෙ සදා සං

සං දාසගං නාසිත පාප නා සං
සං නාප දංසිං හත ඝොර පා සං
සං පාරගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමෙ රසා සං

සිංහල තේරුම

සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමදිමි බැතින් සිරි සදහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වඳිනෙමි නිති පතා පින්සරු මහ සඟන