ක්‍රිස්තු වර්ෂ 2009 ජූලි මස 16 වැනිදා පස්වරු 3.07 ට (GMT 09.37 - 2009 ජූලි 16) රවී, කටක රාශියට සංක්‍රමණය වෙයි. මෙම සූර්ය සංක්‍රාන්තිය අනුව 2009 ජූලි මස 16 වැනිදා සිට 2009 අගෝස්තු මස 15 වැනිදා දක්වා කාලය තුල මේෂ ආදී ලග්න දොළසින් උපන් අයට හිමි වන පලාපල මෙසේය.
මේෂ ලග්නය
වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදු වෙයි.
බලාපොරොත්තු තබා සිටි යම් යම් කරුනු කාරනා ඉටු වන බව පෙනෙයි.
සිතේ කැලඹිලි ස්වභාවයක් ඇති කරයි.
ආඩම්බර ගති ඇති වෙයි.
රැකියාවේ දියුනුවක් ඇති වෙයි.
නව රැකියා අවස්ථා උදා කෙරේ.
ව්‍යාපාර කටයුතු දියුනු වෙයි.
හොඳ ආදායමක් උපයා ගැනීමටද හැකි වනු ඇත.
වෘෂභ ලග්නය
විදේශ ගමන් පිළිබඳව සිතේ පැවති අදහස් ඉටු වීමට නියමිතය.
වන්දනා ගමන්, දුර ගමන් ආදියේ යෙදීමට අවස්ථා උදා වෙයි.
අලුත් හිත මිතුරු සබඳතා ඇති වෙයි.
තම ඥාතීන් සමඟ ඇති හොඳ හිත පළුදු වනු ඇත. ඇවිදිලි අධික වේ.
මුදල් අඩු නැතිව හොඳින් ලැබේ.
එහෙත් මුදල් වියදමද තරමක් අධික විය හැකිය.
අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට හැකි වුවද යම් යම් බාධක එයට උදා වෙයි.
මිථුන ලග්නය
ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන වැනි දේපල ලැබීමට හේතුයි.
මුදල් ලාභ හිමි වෙයි.
හදිසි ධනය, දේපල, මැණික්, ඇප උපකාරයන් හිමි වෙයි.
විවාහ දිවිය තුල යම් යම් ගැටළුකාරී තත්වයන් ඇති කරයි.
සැමියා හෝ බිරිඳ පිලිබඳව සිතේ සැක සංකාවන් උපදී.
වැටීම්, තැලීම් ඇතිවීමට හැකි බැවින් ප්‍රවේශම් වන්න.
දෙමාපිය දෙදෙනාට අපලයි.
කටක ලග්නය
සිතුම් පැතුම් ඉටු වෙයි.
සිතේ නැවුම් බලාපොරොත්තු ඇති කරයි.
ප්‍රබෝධමත්ව කාලය ගෙවා දමයි.
සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහන්සිවීමට සිදුවෙයි.
රැකියාවේ වෙනසක් ඇති කරයි.
එය යහපතටම හේතු වේ.
රැකියා අපේක්ෂකයින්ගේද පැතුම් ඉටුවන දිනය වැඩි ඈතක නොවේ.
මංගල යෝගයක් උදා වී පවතී.
පෙම් සබඳතා ස්ථිර වීම, මංගල යෝජනා සාර්ථක වීම සිදු වේ.
සිංහ ලග්නය
නොයෙක් කරදර බාධක වලට මුහුන පෑමට සිදු වෙයි.
නිතරම සිතේ කළකිරීම, සැකය, බිය වැනි ලක්ෂනයන් පැවතිය හැකිය.
සතුරු කරදර දිගින් දිගටම එල්ල වේ.
නින්දා අපහස විඳීමට සිදුවෙයි.
මිල මුදල් අධිකව වියදම් වී යයි.
සොර සතුරු බිය ගෙන දෙයි.
දුර දිග නොබලා කටයුතු කිරීම නිසා දේපල නැති නාස්ති වී යයි.
රෝග පීඩා වලට ගොදුරු වෙයි.
ආගමික අංශයට වඩා සිත යොමුවනු ඇත.
කන්‍යා ලග්නය
අධ්‍යාපන කටයුතුවල වැඩි දියුනුවක් පෙන්වයි.
අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවකාශ ලැබේ.
තරුණ තරුණියන් අතර පෙම් සබඳතා ඇති කරයි.
මෙතෙක් කල් පැවති බාධා තත්වයන් මග හැරී යනු ඇත.
වැඩිහිටි ඥාතීන්ගෙන්, හිත මිතුරන් වෙතින් නොයෙක් උදව් උපකාර හිමි වේ.
වාහන වලින් අනතුරු ගෙන දෙයි.
ගමන් බිමන් වලදී හදිසි අනතුරු වලට ලක් වීමට ඉඩ ඇත.
තුලා ලග්නය
රැකී රක්ෂා දියුනුව ඇති වෙයි.
වෙළඳ ව්‍යාපාර ආදියෙන් ලාභ ලැබේ.
ස්වයං ව්‍යාපාරයක් ඇරඹීමට සුභයි.
නිවාස තැනීම් කටයුතු පහසුවෙන් කරගෙන යා හැකිය.
දේපල සම්බන්ධව පැවති නීතිමය ගැටළුවක් නිසා සිතට සහනයක් නොවූවද අවසානයේ එයින් ජය ලැබේ.
විවාහය පිළිබඳව සාර්ථක තීරණයකට පැමිනීමට හැකිය.
වෘශ්චික ලග්නය
වැඩිහිටි ඥාතියෙකුගේ අසනීප තත්වයක් නිසා ඒ වෙනුවෙන් මහන්සි වීමට සිදුවේ.
දිගු කලකින් නොදුටු නෑදෑයන් මුන ගැසෙයි.
අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරයි.
රැකියා, ව්‍යාපාරවල දියුනුවක් දැකීමට ලැබේ.
විදේශ ගමනක් යාමට අදහස් කර සිටියේනම් ඒ සඳහා අවස්ථාව උදා වනු ඇත.
ලෙඩ රෝග පිළිබඳව නොසලකා හැරීම නිසා රෝග තත්වයන් උත්සන්න වෙයි.
ධනු ලග්නය
අවාසනාවන්ත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවෙයි.
බලාපොරොත්තු බිඳ වැටෙයි.
සිතෙහි උනන්දුව, ධෛර්යය පිරිහී යනු ඇත.
තමා ගැනම කලකිරුනු සිතක් ඇති වේ.
මුදල්, රන් ආභරණ හෝ නොයෙක් වටිනා බඩු භාහිරාදිය නැති වීමට ඉඩ ඇත.
නැතහොත් ඒවාට සොර සතුරු බිය ඇති වේ.
රැකියාවට බාධා එල්ල කරයි.
මුදල් හෝ ලිය කියවිලි සම්බන්ධයෙන් රැකියා ස්ථානයේදී චෝදනා එල්ල විය හැක.
මකර ලග්නය
මංගල යෝගයක් උදා වී ඇත.
අවිවාහකයන්ගේ පැතුම් ඉටු වේ.
නිවාස, දේපල ලාභ ගෙන දෙයි.
සිතේ පැවති බලාපොරොත්තු ඉටු වේ.
සිතේ සතුටින්, ප්‍රීතියෙන් යුතුව කල් ගෙවයි.
ආගම දහම පිලිබඳව ශ්‍රද්ධාව ඇතිවේ.
දරු ඵල අපේක්ෂාකල අඹු සැමියන්ගේ පැතුම් ඉටු වේ.
ලැබෙන ආදායම් මාර්ග සරුසාර බවට පත් වනු ඇත.
කුම්භ ලග්නය
නීති ගැටළු වලට මැදි වීමට සිදු වෙයි.
රෝග තත්වන් උත්සන්න වනු ඇත.
රෝහල් ගත වීමට, ශල්‍ය කර්මයන් භාජනය වීමට සිදු වෙයි.
පෙම් සබඳතා අවාසනාවන්ත අයුරින් බිඳ වැටේ.
සැකය, වෛරය වැනි සිතුවිලි නිතර පහල කරයි.
සහෝදරයෙකු පිළිබඳ කණගාටුදායක දෙයක් ඇසීමට ලැබේ.
මීන ලග්නය
පෙර පින් බලය උදා කරන කාල වකවානුවකි.
සිතන පතන සම්පත් ලැබීමට හේතු වෙයි.
සිතේ පැවති අදහස් ඉටු වේ.
මංගල යෝගයක් ක්‍රියාත්මක වේ.
විවාහ වන වයසේ පසු වන අය තම විවාහය සඳහා සූදානම් වන කාලයකි.
කරන කියන සියලු කටයුතු සාර්ථක වන කාලයකි.