ක්‍රිස්තු වර්ෂ 2010 ජනවාරි මස 14 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 12.38ට රවී ග්‍රහයා මකර රාශි ගත වන අතර එදිනම පෙ.ව. 1.35ට සිකුරු ග්‍රහයාද මකර රාශි ගත රවී-සිකුරු සංයෝගය උදා කරයි. මෙම ග්‍රහ යෝගය මේෂ ආදී ලග්න දොළසින් උපන් අයට හිමි වන පලාපල මෙසේය.

මේෂ

රැකියාවේ දියුණුවක් ඇති කරයි. උසස් වීම්, නිළතල, නමබු නාම ආදිය ලැබේ. ව්‍යාපාර සාර්ථක වීමට හේතුයි. එතුළින් හොද ලාභයක්ද ලැබිය හැකිය. පදිංචි ස්ථානය තුළ කුමන හෝ වෙනසක් ඇති කරයි. මේෂ ලග්න හිමියන්ට මංගල යෝගයක් උදා වී ඇත. අවිවාහකයන්ගේ පැතුම් ඉටු කරයි. අනවශ්‍ය ලෙසින් කලබල වී තීරණ ගනු ලැබේ. නිකරුනේ මුදල් වියදම් වේ.

වෘෂභ

වාසනාවන්ත කාලයකි. සිතේ පැවති අදහසක් ක්‍රියාවට නැංවිය හැකිය. බලාපොරොත්තු ඉටුවේ. අසනීප තත්වය සුව අතට හැරෙයි. විදේශ ගමන් සාර්ථක වනු ඇත. දුර ගමන් බිමන් මෙන්ම කෙටි ගමන් බිමන් ද බහුල වන කාලයකි. තම සොහොයුරු සොහොයුරියන්ගෙන් නොයක් උදව් උපකාර හිමිවෙයි.

මිථුන

ආර්ථීක අපහසුතා ඇති වෙයි. ණය මුදල් ආදිය ගෙවා ගැනීමට නොහැකිව ලත වෙමින් සිටිනු ඇත. පෙම් සබඳතා බිද වැටෙයි. සතුරු කරදර වලට මුහුණ පෑමට සිදුවෙයි. රැකියා බාධා ඇති කරයි. ලෙඩ දුක් ගෙන දෙයි. ගින්දරින් අනතුරු සිදුවෙයි. ඇසුරු කල අය සමඟ අමනාපකම් ඇති කරයි. දරුවන්ටඅපලය.

කටක

විදේශ ගතවිමට අදහස් කරයි. ඒ සදහා උත්සාහ කිරීමට ද සුදුසු වකවානුවකි. දේපල ලාභ හිමිය. වැඩිහිටි ඥාතීන්ගේ වස්තුව ලබයි. පෙම් සබඳතා වලට තිබු බාධා ඉවත්ව යයි. තරුණ තරුණියන් විවාහ ගිවිස ගනියි. නිවසේ උත්සව අවස්ථාවන් ආගමික මෙහෙයන් පැවැත්වීට නියමිත බව පෙන්වයි. මිළ මුදල් වලින් අඩු පාඩුවක් ඇති නොවේ.

සිංහ

විරුද්ධවාදීන්ගේ විරුද්ධවාදිකම් වලට මුහුණ පෑමට සිදුවෙයි. නින්දා අපහාස ගෙන දෙයි. හදිසි අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් විය යුතුය. විදෙස් ගමන් යෙදෙයි. සහෝදරයෙකුට විපතක් ඇති කරයි. රෝගකාරි තත්වය උත්සන්න වෙයි. සෙම් රෝග, උෂ්නාධික රෝග විශේෂයි. රෝහල් ගතවීම, ශල්‍යකර්මයන් ආදිය කිරීමටද සිදුවනු ඇත. නඩු හබ වලට පැටලෙයි. අඹුසැමි ගැටුම් ඇති වෙයි.

කන්‍යා

සිතුම් පැතුම් ඉටුවෙයි. හදිසි ධන වාසනා මැනික් ලැබීමට භාග්‍ය ඇත. පෙර පින් මහිමය උදා කරයි. මිළ මුදල් හිමි වෙයි. වෙනදාට වැඩි තරම් ආර්ථීකයේ ශක්තිමත් භාවයක් දක්නට ලැබේ. නව පෙම් සබඳතා ඇති වෙයි. විවාහ අපේක‍ෂකයන්ගේ පැතුම් ඉටුවනු ඇත. හිතවතුන්ගේ තෑගි බෝග ලැබේ.

තුලා

ජීවිතයේ දියුණුව සදහා කටයුතු කරයි. දැඩි උනන්දුවක් සහ උත්සහයකින් යුතුව කටයුතු කරගෙන යනු ඇත. වරින් වර අසනීප තත්වයන් හට ගනියි. නිවසේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැඛෙයි. රැකියා ලාභ හිමි වේ. අලූත් ව්‍යාපාරයන් ඇරඹීමට සුභයි.

වෘශ්වික

නිතර තමා පිළිබඳ අභිමානයෙන් යුතු සිටිනු ඇත. වගකීම් භාර ගැනීමට සිදු වෙයි. නඩු හබ වලින් ජය ලැබන බවට ලකුණුු ඇත. විවාහ දිවියේ පැවති ගැටළු සමථයකට පත්කර ගැනීමට හැකියාව ලැඛෙයි. විදේශ ගත වීමට තිබු අදහස ඉටුවෙයි. කලකින් හමු නොවු මිතුරෙකු මුණ ගැසෙනු ඇත. ගමන් බිමන් වලින් වාසියි.

ධනු

ධනය ලැබේ. නිවස අළුත්වැඩියා කිරීම, නිවසට අවශ්‍ය බඩු මුට්ටු මිලදී ගැනීම සිදුකරයි. වාහන ලාභ ද හිමිය. සොර සතුරු කරදර ඇති වීමට ඉඩ තිබේ. තම පවුලේ ඥාතීන් සමඟ වෙනදාට වඩා සමිපතාවයක් ඇති වෙයි. රැවටිලි වංචා වලට ලක් වීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍යය අයහපත්ය.

මකර

බලාපොරොත්තු ඉටු වෙයි. ජීවිතයේ නව දියුණුවක් දැකීමට හැකිවනු ඇත. ප්‍රබල මංගල යෝගයක් ක්‍රියාත්මක වෙමින් පවතී. රැකියා අපේක‍ෂකයන් හට නව රැකියා අවස්තාවන් උදා වෙයි. උසස් වීම්, නිලතල, නම්බුනාම ආදිය ලැබේ. ආදායම් මාර්ග සරු සාර වි මුදල් වලින් හිඟයක් ඇති නොවේ. අධ්‍යාපන කටයුතු වලට යහපත්ය.

කුම්භ

කරන කියන කටයුතු වලට බාධා එල්ල වේ. චෝදනාවක් හෝ අපහාසයක් විදිමට සිදු වෙයි. මුදල් අතින් බොහෝ කරදර කම්කටළු වලට මුහුණ පෑමට සිදු වෙයි. සතුරු කරදර ලෙඩ දුක් ඇති වෙයි. උසාවි පොලිසි යන කරුණක් ඇති වීමද පුළුවන. රටෙන් ගමෙන් පිටවී ඈත පලාතක හෝ විදේශයකට යාමට සිත්වෙයි.

මීන

කරන කියන කටයුතු වලට වරින් වර බාධා පැමිණිය ද නොපසුබට උත්සහය සහ ධෛර්යය මත සියළු බාධක මැඩගෙ ක්‍රියාකරනු ඇත. සිතේ පැවති බලාපොරෙත්තුවක් ඉටුවෙයි. පෙම් සබඳතා ස්ථීර වෙයි. සතුරු කරදර විරුද්ධවාදිකම් ඉඳහිට හෝ පැන නගියි.

   

 

 


HOME | ABOUT US | ASTROLOGY | SERVICES | CONTACT US | TESTIMONIALS | PLANETS

 
Copyright © 2008 Ceylon Astrology Srilanka . All rights reserved Lanka Web Designing By Kawdo Group